IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘‘මම හොඳින්’’ - ට්‍රම්ප්

 

‘‘සැබෑ පරීක්ෂණය’’ තිබෙන්නේ ඉදිරි දින කිහිපයේදී යැයි ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිනිත්තු හතරක විඩියෝ පටයක් සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (3) ඒ බව ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ධවල මන්දිරයෙන් පරස්පර ප්‍රකාශ ඉදිරිපත් වෙමින් තිබේ.

තමන්ට සහ ජනාධිපති ආර්යාවට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉකුත් දා (2) සඳහන් කළේය.

ඉන් පැය කිහිපයකට පසු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේරිලන්ඩ් හි පිහිටි වෝල්ටර් රීඩ් ජාතික හමුදා මධ්‍යස්ථානයේ පිහිටි රෝහලට ඇතුළත් කළේය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලට රැගෙන ගියේ හෙලිකොප්ටර් යානයකිනි. හෙලිකොප්ටර් යානයට ගොඩවීම සඳහා ජනාධිපතිවරයා ධවල මන්දිරයේ සිට හෙලිකොප්ටර් යානය වෙත ඇවිද ගිය අතර මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූයේ නැත. එමෙන්ම ඔහු මුඛ ආවරණයක් ද පැළැඳ සිටියේය. ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පෙනී සිටින සුපුරුදු ඇඳුමින් (බිස්නස් සූට්) සැරසී සිට අතර සෙමෙන් හෙලිකොප්ටරය වෙත ඇවිද ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.

විඩියෝ පටයේ ජනාධිපති ට්‍රම්ප් වෙහෙසකර ස්වභාවයක් පෙන්නුම් කළ නමුත් තමන් ඉතා හොඳින් පසුවන්නේ යැයි පැවැසීය.

‘‘ඉදිරි දින කිහිපය ඉතා වැදගත්. සැබෑ පරීක්ෂණය තිබෙන්නේ ඉදිරි දින කිහිපයේ යැයි මම හිතනවා. ඒ නිසා ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා’’ යැයි ට්‍රම්ප් කැමරාව දෙස බලමින් කීවේය. ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකානු ධජයක් ඉදිරියේ සිටගෙන සිටි අතර ජැකැට්ටුවක් පැළැඳ සිටි නමුත් කර විවරව තිබිණි. සාමාන්‍යයෙන් ඔහු ටයි පටියක් පළඳින නමුත් මෙදින ඔහු ටයි පටියක් පැළැඳ සිටියේ නැත.

ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම විඩියෝ පටය නිකුත් කළේ ඔහුගේ පරිපාලනයේ නිලධාරීන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විවිධ තක්සේරු ඉදිරිපත් කිරීමෙන් පැය කිහිපයකට පසුවය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ ඉකුත් බ්‍රහස්පතින්දා (1) රාත්‍රියේ වන අතර ඔහු රෝහල් ගත කෙරුණේ සිකුරාදා (2) පස්වරුවේ ය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අතට හැරෙමින් තිබෙන බව ධවල මන්දිරයේ වෛද්‍යවරු කණ්ඩායමක් ඊයේ (3) පෙරවරුවේ පැවැසීය.

රොයිටර්

055



අදහස් (0)

‘‘මම හොඳින්’’ - ට්‍රම්ප්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site