පසුගිය වසරේ දෙසැම්බර් මස පැවැති ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ තම ප‍්‍රතිවාදියා වූ අඩාමා බැරෝ හට ජනපති පුටුව භාර කරමින් තමා ජනපති ධූරයෙන් ඉවත්වන බව ගැම්බියා ජනපති යහ්යා ජමෙහ් රූපවාහිනිය ඔස්සේ එරට ජනතාව අමතමින් පවසා සිටියේය.
පසුගිය දෙසැම්බර් මස පැවැති ජනපතිවරණයෙන් අඩාමා බැරෝ ජයග‍්‍රහණය කිරීමෙන් පසු ඔහුට ඉඩදී ඉවත් වීමට තමා සූදානමින් සිටින බව යහ්යා පවසා සිටියද, පසුව තම තීරණය වෙනස් කළ ඔහු කියා සිටියේ ජනපතිවරණය දුූෂිත හෙයින් තමා තවදුරටත් ගැම්බියා ජනපති ලෙස කටයුතු කරන බවය.
එතැනින් නොනැවතුනු ඔහු දින 90 ක හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමටද කටයුතු කළේය.
මේ සමග අසල්වැසි රටවලින් ඔහුට දැඩි විරෝධයක් එල්ල වූ අතර එක්සත් ජාතීන්ගේ සහය ලබන බටහිර අපි‍්‍රකා රටවල ආර්ථික සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශයට පත් කර සිටියේ සිකුරාදා (20) ජනපති ධූරයෙන් ඉවත් නොවූවහොත් එක්සත් ජාතීන්ගේ සහය ලබන හමුදාවන් යොදා යහ්යා ජමෙහ්ව බලහත්කාරයෙන් හෝ ඉවත් කිරීමට කටයුතු කරන බවය.
නමුත් ගිනියාවේ සහ මවුරිටානියාවේ ජනපතිවරුන් දෙපළ මැදිහත්ව යහ්යා සමග පැවැත්වූ සාකච්ඡුාවකින් පසු ඔහු මෙසේ ජනපති ධූරයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කර ඇත.
මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් සිදුකරමින් මවුරිටානියා ජනපතිවරයා පවසා සිටියේ යහ්යා සමග ගිවිසුමක් ඇති කරගැනීමට ඔවුන් සමත් වූ බවයි.නමුත් එම ගිවිසුමේ අන්තර්ගතය කුමක්දැයි ඔහු නොකීවේය.
යහ්යා ජමෙහ් වසර 20 ක් පුරා ගැම්බියාවේ ජනපතිවරයා ලෙස කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ, එන්න ලංකාවට. පොදු විරුද්ධ පක්ෂයේ පුරප්පාඩු තියනවා! (නි)
අපේ අය පැරදිලත් යන්නේ නැහැනේ (නි)
කාලා කාලා හොරකම් කරලා දැන් දාලා යන්න බැරුව ඇති. මෙහෙ වගේම තමයි. (නි)
අපේ රටේ වගේමයි....! (නි)
නිරහංකාරකම මිනිසෙකුට උතුම්ම ආභරණයයි. අපේ සමහරු නම් ඉන්නේ බලයෙන් උදම්වෙලා (නි)
මෙයත් අපෙන් ඉගෙනගෙන වගේ (නි)
මෙයා ගියේ නැත්නම් ගැම්බියාවට ප්‍රහාර එල්ල කරන්න අවට රටවල් සුදානම් වෙලා හිටියේ බටහිර රටවල සහයෝගය ඇතිව. ඒ නිසා මෙයා රටට වෙන හානිය දැකල ඉල්ලා අස්වුණා (බ)
රොකී, නියම කියමන! (නි)
අපේ හිටපු සමහරු යනවා බොරු ඉන්දියාවයි, ඇමෙරිකාවයි එදා ටෙලිෆෝන් කරලා කිව්වේ නැත්නම් (නි)
මා ඉතින් යන්න යනවා, මට යන්න අවසරයි,මට අරන් යන්න ඇත්තේ සොරකම් කළ දේ පමණයි (නි)