IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


''මම යන්න සූදානම්''

පසුගිය වසරේ දෙසැම්බර් මස පැවැති ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ තම ප‍්‍රතිවාදියා වූ අඩාමා බැරෝ හට ජනපති පුටුව භාර කරමින් තමා ජනපති ධූරයෙන් ඉවත්වන බව ගැම්බියා ජනපති යහ්යා ජමෙහ් රූපවාහිනිය ඔස්සේ එරට ජනතාව අමතමින් පවසා සිටියේය.

පසුගිය දෙසැම්බර් මස පැවැති ජනපතිවරණයෙන් අඩාමා බැරෝ ජයග‍්‍රහණය කිරීමෙන් පසු ඔහුට ඉඩදී ඉවත් වීමට තමා සූදානමින් සිටින බව යහ්යා පවසා සිටියද, පසුව තම තීරණය වෙනස් කළ ඔහු කියා සිටියේ ජනපතිවරණය දුූෂිත හෙයින් තමා තවදුරටත් ගැම්බියා ජනපති ලෙස කටයුතු කරන බවය.

එතැනින් නොනැවතුනු ඔහු දින 90 ක හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමටද කටයුතු කළේය.

මේ සමග අසල්වැසි රටවලින් ඔහුට දැඩි විරෝධයක් එල්ල වූ අතර එක්සත් ජාතීන්ගේ සහය ලබන බටහිර අපි‍්‍රකා රටවල ආර්ථික සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශයට පත් කර සිටියේ සිකුරාදා (20) ජනපති ධූරයෙන් ඉවත් නොවූවහොත් එක්සත් ජාතීන්ගේ සහය ලබන හමුදාවන් යොදා යහ්යා ජමෙහ්ව බලහත්කාරයෙන් හෝ ඉවත් කිරීමට කටයුතු කරන බවය.

නමුත් ගිනියාවේ සහ මවුරිටානියාවේ ජනපතිවරුන් දෙපළ මැදිහත්ව යහ්යා සමග පැවැත්වූ සාකච්ඡුාවකින් පසු ඔහු මෙසේ ජනපති ධූරයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කර ඇත.

මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් සිදුකරමින් මවුරිටානියා ජනපතිවරයා පවසා සිටියේ යහ්යා සමග ගිවිසුමක් ඇති කරගැනීමට ඔවුන් සමත් වූ බවයි.නමුත් එම ගිවිසුමේ අන්තර්ගතය කුමක්දැයි ඔහු නොකීවේය.

යහ්යා ජමෙහ් වසර 20 ක් පුරා ගැම්බියාවේ ජනපතිවරයා ලෙස කටයුතු කළේය.



අදහස් (0)

''මම යන්න සූදානම්''

රොකී Sunday, 22 January 2017 02:13 PM

මහත්තයෝ, එන්න ලංකාවට. පොදු විරුද්ධ පක්ෂයේ පුරප්පාඩු තියනවා! (නි)

:       0       0

මොහොමඩ් Monday, 23 January 2017 08:13 AM

අපේ අය පැරදිලත් යන්නේ නැහැනේ (නි)

:       0       0

නිල්මිණි-ජපානය Saturday, 21 January 2017 01:51 PM

කාලා කාලා හොරකම් කරලා දැන් දාලා යන්න බැරුව ඇති. මෙහෙ වගේම තමයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 23 January 2017 10:02 AM

අපේ රටේ වගේමයි....! (නි)

:       0       0

යෝනක Saturday, 21 January 2017 09:06 PM

නිරහංකාරකම මිනිසෙකුට උතුම්ම ආභරණයයි. අපේ සමහරු නම් ඉන්නේ බලයෙන් උදම්වෙලා (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Saturday, 21 January 2017 09:09 PM

මෙයත් අපෙන් ඉගෙනගෙන වගේ (නි)

:       0       0

සහන් Sunday, 22 January 2017 03:14 AM

මෙයා ගියේ නැත්නම් ගැම්බියාවට ප්‍රහාර එල්ල කරන්න අවට රටවල් සුදානම් වෙලා හිටියේ බටහිර රටවල සහයෝගය ඇතිව. ඒ නිසා මෙයා රටට වෙන හානිය දැකල ඉල්ලා අස්වුණා (බ)

:       0       0

කැනඩා දිසා Monday, 23 January 2017 04:15 AM

රොකී, නියම කියමන! (නි)

:       0       0

කැනඩා දිසා Monday, 23 January 2017 04:16 AM

අපේ හිටපු සමහරු යනවා බොරු ඉන්දියාවයි, ඇමෙරිකාවයි එදා ටෙලිෆෝන් කරලා කිව්වේ නැත්නම් (නි)

:       0       0

කුමාර පමුණුව Sunday, 22 January 2017 01:08 PM

මා ඉතින් යන්න යනවා, මට යන්න අවසරයි,මට අරන් යන්න ඇත්තේ සොරකම් කළ දේ පමණයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site