ඇමරිකා ජනපතිවරණයට පූර්වයෙන් ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙන අතර පැවැත්වෙන රූපවාහිනී විවාද මාලාව අද නිමාව දුටුවේය.
ඇනුම් බැනුම්, අපහාස කිරීම්, හෙළා දැකීම්, උපහාසයට ලක් කිරීම් මාලාවක් මැද පැවැත්වුනු අවසන් විවාදයේදී ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකළ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් කියා සිටියේ ඔහු පරාජය වුවහොත්, මැතිවරණය දුූෂිත යැයි සිතනවා හැරෙන්නට අන් කළ හැකි කිසිවක් තමන්ට නොමැති බවය.
මෙයට වහාම පිළිතුරු ලබාදුන් ඔහුගේ ප‍්‍රතිවාදිනිය වන කොන්සර්වටිව් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්, ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෑල්ලූවට ලක් කරමින් අදහස් දක්වන බවට චෝදනා කළාය.
විවාදයේදී අදහස් දැක්වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප්, ගබ්සා කිරීමට සහ ගිනි අවි බලපත් ලබාගැනීමට වත්මන් රජය යටතේ ලබාදී තිබෙන අවසරයන් නැවත විමසා බැලීමට කටයුතු කරන බව පැවසුවේය.නිසි ලියවිලි නොමැතිව ඇමරිකාවේ රැදී සිටින අනවසර සංක‍්‍රමණිකයින් වහාම කි‍්‍රයාත්මක වන පරිදි රටින් පිටුවහල් කිරීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.
මෙයට හාත්පසින්ම විරුද්ධ අදහස් දැක්වීමක නිරත වූ හිලරි ක්ලින්ටන් පැවසුවේ සමලිංගික සමාජය වෙනුවෙන් සහ, ගබ්සාවක් සිදුකර ගැනීමට කාන්තාවන්ට ඇති අයිතිය වෙනුවෙන් තමන් පෙනී සිටින බවය.කාන්තාවන්ගේ වෙහෙසට සරිලන වේතනයක් ගෙවනු සහතික කිරීමටද තමා කැපවන බව ඇය කියා සිටියාය.
මේ දක්වා පැවැති විවාද වල ආකාරයෙන්ම සුපුරුදු පරිදි දෙදෙන එකිනෙකාට මඩ ගසා ගත් අතර, එක් අවස්ථාවකදී තමා සහ ට‍්‍රම්ප් සංසන්දනය කරමින් අදහස් දැක්වූ හිලරි ක්ලින්ටන්, තමා ධවල මන්දිරයට වී ඔසාමා බින් ලාඩින් කොටු කරගැනීමට සහය වෙමින් සිටියදී, ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිටියේ සිනමා තරු සමග විනෝද වෙමින් බව පැවසුවාය.
''මෙයා මහ නරක කාන්තාවක්'' , ඩොනල්ඞ් ට‍්‍රම්ප් හිලරි ක්ලින්ටන්ව හදුන්වාදුන්නේ එළෙසය.
දැනට පවත්නා වාතාවරණයට අනුව ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගෙන් ජනපතිවරණ ජය ගිලිහී ගොස් ඇති ලකුණු පෙනෙන්නට ඇත.මෙයට වඩාත්ම හේතු වූයේ පසුගිය දිනෙක මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරයට පත්වූ, ඔහු කාන්තාවක සම්බන්ධයෙන් ඉතාම අශෝභන ආකාරයට අදහස් දක්වනු ඇතුළත් වීඩියෝවකි.
හිලරි ක්ලින්ටන් හටද චෝදනා එල්ලවී නැතුවා නොවේ.විකිලීක්ස් අනාවරණයකට අනුව ඇය ඇමරිකා බැංකු කරුවන් පිරිසක් සමග සිරියා අර්බුදය ඇමරිකාවේ වාසියට හරවා ගත හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප්ට ලංකා ඇමති දිෂ්ටියක් ආවේශවෙලා වාගෙයි. (නි)
ජෝජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ ) පළමු ජනපතිවරණයේදී ජනපති වූ හැටි දන්නවානම් මේක එතරම් දෙයක් නොවේ. අල්ගෝර් ජනපතිවරණයෙන් බහුතර ඡන්ද ලබා ගත්තා, බුෂ් ජනපති වුණා
මේ වගේම ජාතික තලයේ අපේ නායකයෙක් මේ දවස් වල රට වටේ දුවනවා (හේ)
මෙයාගෙත් කටේ බ්රේක් නැහැ මේ දවස්වල. අපේ සමහරුන්ට තියෙන්නෙත් ඔය ප්‍රශ්නයම නොවැ (නි)