“මම තමයි ඔරිජිනල්, මෝදි මං වගේ කෙනා”යැයි ඉන්දීය අගමැති සමාන පෙනුමක් ඇති අබිනන්දන් පතක් පවසයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ උස මහත, හැඩරුව, අඳින පළඳින ආකාරය මෙන්ම සුදු රැවුලට බෙහෙවින් සමානකම් කියන අබිනන්දන් පතක් 2014 වසරේදී ඔහුට සහාය දුන්නකු යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත් පසුගිය අවස්ථාවේ මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර අගමැති ධුරයට පත්වූ මෝදි ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අසමත්ව ඇතැයි අබිනන්දන් පතක් කියයි.
මෝදි ඇවිදින ආකාරයට ඇවිදින පතක් මේ වනවිට මැතිවරණ රැලිවලට එක්ව සිටින අතර ඔහුට ආරක්ෂකයකු සිටින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පතක් මෝදිගේ අසාර්ථක ප්‍රතිපත්ති සහ ඔහු ඉටු නොකළ පොරොන්දු විවේචනය කරමින් මැතිවරණ රැලිවලට එක්ව සිටී.
ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේ හත්වැනි අදියර අද (13) ආරම්භ වූ අතර පතක් ස්වාධීන අපේක්ෂකයකු ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් ව සිටී.
අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ පතක් දැඩි විවේචනයට ලක්ව තිබේ.
“මෝදි ගැන ජනතාව කෝපයෙන් ඉන්නේ. මම යන හැම තැනකදීම ඒක දැනෙනවා” යැයි 58 හැවිරිදි පතක් කියයි.
ඒ.එෆ්.පී
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
“මම තමයි ඔරිජිනල්, මෝදි මං වගේ කෙනා” - අබිනන්දන් පතක්
d.upul Tuesday, 14 May 2019 04:15 AM
ඔරිජිනල් මෝදි ඉන්නේ මෙහෙ... 2015 ජනවාරි 8 තමයි ඉපදුනේ... ඇයි දැක්කේ නැද්ද පින්තූරවල...?
saman Tuesday, 14 May 2019 06:40 AM
මට සුභ සහ යස කතාව මතක් වෙනවා
vita cheenata rakka de dulli sanna Tuesday, 14 May 2019 07:25 AM
ලංකාවෙත් මේවගේ ගොන් පාර්ට් එකක් මහින්ද කළා
උපේන්ද්‍ර Wednesday, 15 May 2019 09:38 AM
ඉන්දියාවේ හා ලංකාවේ දේශපාලනයේ මෝඩ චූන් වල වෙනසක් නෑ .