ඇමරිකාවේ නිව්යෝක් නුවර ආසන්නයේ මැන්හැටන් හි සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 29 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මෙය බෝම්බ පිපිරීමක් බවට නිල නොවන ආරංචි කියයි.
ආපනශාලා හා තැබෑරුම් රාශියක් ඇති පෙදෙසක මෙම පිපිරීම සිදුව ඇතැයි කියති.
නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සාමාජික රටවල රාජ්‍ය නායකයන් පැමිණෙමින් සිටින අවස්ථාවක මෙම සිද්ධිය කිසිවකුගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව නිිව්යෝක් නගරාධිපති බිල් දි බැලැසියෝ පවසයි.
එක්සත් ජාතීන්ගේ සමුළුව පැවැත්වෙන නිව්යෝක් නගරයේ ආරක්ෂාව තර කර ඇත. උඩින් හා බිමින් මෙන්ම ජංගම ආරක්ෂක විධි විධාන දෙගුණ තෙගුණ කර තිබේ.
පිපිරීමත් සමග තවත් බෝම්බ ඇත්දැයි සෙවීමට ඇමරිකා පොලිසිය පුහුණු කළ පොලිස් බල්ලන්, රොබෝවන් හා විශේෂ ආලෝක ධාරා ද යොදා ගනිමින් නගරයේ වීදි පීරන්නට වූහ. මැන්හැටන් හි 23 වැනි වීදියේ පළවැනි පටුමගේ මුල්ම පිපිරීම සිදුවිය. නිව්යෝක් පොලිසිය චෙල්සියා ප්‍රදේශයේ දී දෙවැනි උපකරණයක් ද සොයා ගත්තේය. එය පීඩන උඳුනක් බව පොලිසිය පවසයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පිහිටියේ බෝම්බ පිපිරුණු ස්ථානයේ සිට නගරයේ පරිපාලන පෙදෙස් හතරකට ඔබ්බෙනි.
පයිප්ප කැබැල්ලක දැමූ බෝම්බය පිපිරීම පිළිබඳ දිගටම පරීක්ෂණ පැවැත්වෙන අතර නිව්යෝක් නුවරට කිසිම ත්‍රස්ත තර්ජනයක් නැතැයි ද මේ පිපිරීම හිතා මතා කළ බව පෙනෙතියි ද නිව්යෝක් නගරාධිපති කියයි.
මේ ගැන බැරැක් ඔබාමා ජනපතිටද දන්වා ඇති බවත් කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවටත් වේදනාව බය දැනෙන්න ඕනෑ. මොකද ලෝකෙටම බය ගෙනයන්නේ ඔවුන් නිසා (නි)
ඇමෙරිකාවටත් යහපාලනය උදා වෙලා වගෙයි. (හේ)
මේක පෞද්ගලික කෝන්තරයක් මත ඇති කළ පිපිරීමක් කියලයි දැනට නම් අපිට ආරංචි