IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මැන්හැටන් බෝම්බයෙන් පසු රාජ්‍ය නායක ආරක්ෂාව තරවෙයි

ඇමරිකාවේ නිව්යෝක් නුවර ආසන්නයේ මැන්හැටන් හි සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 29 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙය බෝම්බ පිපිරීමක් බවට නිල නොවන ආරංචි කියයි.

ආපනශාලා හා තැබෑරුම් රාශියක් ඇති පෙදෙසක මෙම පිපිරීම සිදුව ඇතැයි කියති.

නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සාමාජික රටවල රාජ්‍ය නායකයන් පැමිණෙමින් සිටින අවස්ථාවක මෙම සිද්ධිය කිසිවකුගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව නිිව්යෝක් නගරාධිපති බිල් දි බැලැසියෝ පවසයි.

එක්සත් ජාතීන්ගේ සමුළුව පැවැත්වෙන නිව්යෝක් නගරයේ ආරක්ෂාව තර කර ඇත. උඩින් හා බිමින් මෙන්ම ජංගම ආරක්ෂක විධි විධාන දෙගුණ තෙගුණ කර තිබේ. 

පිපිරීමත් සමග තවත් බෝම්බ ඇත්දැයි සෙවීමට ඇමරිකා පොලිසිය පුහුණු කළ පොලිස් බල්ලන්, රොබෝවන් හා විශේෂ ආලෝක ධාරා ද යොදා ගනිමින් නගරයේ වීදි පීරන්නට වූහ. මැන්හැටන් හි 23 වැනි වීදියේ පළවැනි පටුමගේ මුල්ම පිපිරීම සිදුවිය. නිව්යෝක් පොලිසිය චෙල්සියා ප්‍රදේශයේ දී දෙවැනි උපකරණයක් ද සොයා ගත්තේය. එය පීඩන උඳුනක් බව පොලිසිය පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පිහිටියේ බෝම්බ පිපිරුණු ස්ථානයේ සිට නගරයේ පරිපාලන පෙදෙස් හතරකට ඔබ්බෙනි.

පයිප්ප කැබැල්ලක දැමූ බෝම්බය පිපිරීම පිළිබඳ දිගටම පරීක්ෂණ පැවැත්වෙන අතර නිව්යෝක් නුවරට කිසිම ත්‍රස්ත තර්ජනයක් නැතැයි ද මේ පිපිරීම හිතා මතා කළ බව පෙනෙතියි ද නිව්යෝක් නගරාධිපති කියයි.

මේ ගැන බැරැක් ඔබාමා ජනපතිටද දන්වා ඇති බවත් කියති.

160917225804-06-chelsea-explosion-exlarge-169 160917230641-07-chelsea-explosion-05545294-exlarge-169 160917230703-08-chelsea-explosion-05545295-exlarge-169 160917233837-10-chelsea-explosion-gettyimages-607369824-exlarge-169 160917233949-14-chelsea-explosion-gettyimages-607368888-exlarge-169



අදහස් (0)

මැන්හැටන් බෝම්බයෙන් පසු රාජ්‍ය නායක ආරක්ෂාව තරවෙයි

තරිඳු Monday, 19 September 2016 02:07 AM

ඇමෙරිකාවටත් වේදනාව බය දැනෙන්න ඕනෑ. මොකද ලෝකෙටම බය ගෙනයන්නේ ඔවුන් නිසා (නි)

:       0       0

මහේෂ් Sunday, 18 September 2016 10:14 AM

ඇමෙරිකාවටත් යහපාලනය උදා වෙලා වගෙයි. (හේ)

:       0       0

නාමල් නිව්යෝර්ක් Sunday, 18 September 2016 04:46 PM

මේක පෞද්ගලික කෝන්තරයක් මත ඇති කළ පිපිරීමක් කියලයි දැනට නම් අපිට ආරංචි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 619 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2309 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1717 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site