IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


මිනිහාටත් හංවඩුව

හිමිකාරීත්වය හඟවන්නට සතුන් හංවඩු ගසන්නාක් මෙන් මිනිස් ජාවාරම්කරුවෝ තමන් යටතේ සිටින මිනිසුන්ද හංවඩු ගසන බව අනාවරණයව තිබේ.

මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ආයතනයන් සදහන් කරන්නේ හිමිකාරීත්වය ඇඟවීමට දැන් මිනිස් ජාවාරම්කරුවන්ද මිනිසුන් හංවඩු ගසන බවයි.

සිරුර පිළිස්සීමට වැනි ප්‍රාථමික ක්‍රම මෙන්ම, පච්චා කෙටීම්, ඇතැම් අවස්ථාවන් වලදී වෙළඳ භාණ්ඩ වල සටහන් කර ඇති ‘‘බාර් කෝඩ්‘‘වැනි ඉහළ තාක්ෂණික උපක්‍රම පවා තම හිමිකාරීත්වය අඟවන්නට මිනිස් ජාවාරම්කරුවන් භාවිතා කරන බව එම ආයතනයන් කියයි.

මිනිස් කමට නිගා දෙන මිනිස් ජාවාරම් තවමත් ලොව සිදුවන අතර සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින රටවල යැයි කියා එහි වෙනසක් නොමැත.

බ්‍රිතාන්‍යය, ඇමරිකාව වැනි රටවල පවා මිනිස් ජාවාරම් සිදුවන බව සොයාගෙන තිබෙන අතර නයිජීරියාව වැනි අප්‍රිකා මහාද්වීපයේ රටවල් බොහෝමයකද මිනිස් ජාවාරම ඉහළින්ම සිදුවේ.

කාලයත් සමග තම උපක්‍රමයන් වෙනස් කර ඇති මිනිස් ජාවාරම්කරුවෝ දැන් ගොදුරු සොයා ගැනීමට සමාජ ජාල වෙබ් අඩවි, මංගල යෝජනා වෙබ් අඩවි, රැකියා ඇබෑර්තු ආදිය භාවිතා කරන බව අපරාධ විශේෂඥයෝ කියති.

ජාවාරම්කරුවන්ගේ උගුලට හසුවන කාන්තාවක හෝ වේවා පිරිමියෙකු හෝ වේවා ගණිකාවක ලෙස හෝ වහලෙකු ලෙස හෝ වෙනත් පුද්ගලයින්ට විකිණීම සිදුකෙරන බව ඔවුහු පවසති.

අත්අඩංගුවට ඇති ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුගෙන් හෙළිව ඇති කරුණු වලට අනුව මිනිසෙකු විකිණෙන්නේ පවුම් 200 සිට පවුම් 6000 අතර මුදලකටය.

රට රටවල් අතර මිනිසුන් හුවමාරු කර ගැනීමද සිදුකෙරෙන බවද අනාවරණය කරගෙන තිබෙන අතර එම අවස්ථාවන්හිදී ගමන් බලපත්‍ර ආදී ලියැකියවිලි සාදා ගැනීමට ජාවාරම්කරුවෝ ඉතා ඉහළ මුදල් ප්‍රමාණයන් වැය කරන බව පැවසේ.



අදහස් (0)

මිනිහාටත් හංවඩුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 399 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2177 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1652 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site