ඉතා බහුලව දක්නට ලැබෙන විශාදය නැමැති මානසික රෝගයට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කළ හැකි ආරක්ෂිත හිස්වැසුමක් නිර්මාණය කිරීමට ඩෙන්මාර්ක් විද්‍යායින් සමත්ව සිටිති.
දඟරයකින් සමන්විත උපාංගයක් මගින් විද්‍යුත් ස්පන්දනයක් ලබාදීමෙන් මොලයේ විශාදය ආශ්‍රිත කොටස සක්‍රීය කරවන බව විද්‍යාඥයෝ කියති.
චිකිත්සාගාර අත්හදා බැලීමේදී විශාදය වැළදී තිබූ රෝගීන්ගෙන් තුනෙන් දෙකක් පමණ පවසා ඇත්තේ මෙම ආරක්ෂිත හිස් වැසුමෙන් ප්‍රතිකාර කරන විට තමන්ගේ රෝග ලක්ෂණ අන්තර්දාන වු බවයි.
මෙම චිකිත්සාව ආරම්භ කිරීමෙන් සතියක් යන විට බොහෝ රෝගීන්ගේ සිතේ දියුණු තත්ත්වයක් දක්නට ලැබුණු බව බ්‍රිතාන්‍ය ගුවන් විදුලියට වාර්තාවක් සපයන මැල්කම් බ්‍රාබන්ට් කියා ඇත. ඔහු පවසන්නේ මෙම හෙල්මටයේ උපාංගය මගින් ඇති කරණු ලබන විද්‍යුත් අවේගය මගින් මොලයේ රුධිර නහර වල ඇති කුඩා කේෂනාලිකා වලට බලපෑමක් ඇති කරණ බවයි.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මානසික පිහිටට හිස්වැසුමක් නිපදවයි
සුබසිංහ Friday, 09 May 2014 03:13 AM
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී.... මෙවැනි දෙයක් අගය නොකර ප්‍රවෘත්තියට අදාළ නොවන අපේ දේවල් ගැන බෝතල් අස්සේ කුප්පි තබනවා මෙන් පුරාජේරු වයන්න කබල් ජාතීවාදින්ට හොඳ පුවතක්. (නි)
මාලා Friday, 09 May 2014 03:14 AM
දැන් කියන්න එපා අපේ භාවනාව මීට වැඩිය හොඳයි, එනිසා අපේ ලංකාව මීට වඩා උතුම් කියලා.මොකෝ භාවනාව ජපානය,ඉන්දියාව,චීනය වගේ ගොඩක් රටවල තියනවා (නි)
නන්දන Friday, 09 May 2014 03:16 AM
අද කවුරු කවුරුත් මෝඩ අදහස් දාන්න පෙර මම මේ කියන්න හැදුවේ මේක නිර්මාණය කරලා තියෙන්නේ මානසිකව රෝගී වූ උදවියට මිසක එදිනෙදා ජිවිතයේ පාවිච්චියට නොවේ කියලයි. (නි)
තේජා Friday, 09 May 2014 02:00 PM
නන්දනට මගේ උපහාරය! (නදී)
මාධවී Friday, 09 May 2014 06:14 AM
වටිනා සොයාගැනීමක්. අනාගතයේදී ශාරීරික රෝගීන්ගේ සංඛ්‍යාවට වැඩිය මානසික රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යනවලුනේ. (නි)
නදී Friday, 09 May 2014 07:48 AM
අපේ භාවනාව මීට වැඩිය හොඳයි, එනිසා අපේ ලංකාව මීට වඩා උතුම්.(නදී)
රොකී Friday, 09 May 2014 08:28 AM
ඔය ජාතියේ එකක් දැන්මම මැතිවරණ කොමසාරිස්ටත් ගෙනත් දුන්නොත් හොඳයි.(නදී)
චින්තන දේශවිමල Friday, 09 May 2014 12:15 PM
අපේ භාවනාව මීට වැඩිය හොඳයි. ඒ නිසා අපේ ලංකාව මීට වඩා උතුම්...!!! (ස)