ඇමරිකන් ගගනගාමින් සඳමතට ගෙනගිය රොකටය නිර්මාණය කරණ ලද ජර්මානු ඉංජිනේරු කංඩායමේ ජීවතුන් අතර සිටි අවසන් ඉංජිනේරුවරයා වු ඔස්කාර් හොල්ඩෙරර් (95) ඇමරිකාවේ ඇලබාමා හි දී මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔස්කාර්ගේ පුතු මිචෙල් පැවසුවේ තම පියාට පසුගිය සතියේ ඇතිවු හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගිය බවයි.
ඔස්කාර් හොල්ඩෙරර් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාවට ගෙන ගිය ජර්මානු ඉංජිනේරුවරුන් 120 දෙනාගෙන් එක් ඉංජිනේරුවරයෙකි. මොවුන් ජර්මනිය සෑදු වී 2 රොකට්ටුවේ තාක්ෂණය ඇමෙරිකාවේ දී වැඩිදියුණු කළහ. වී 2 රොකට්ටුව දෙවැනි ලෝක යුද්ධයේ අවසන් කාලයේදී ජර්මනිය තම සතුරු රටවල් වෙත ප්‍රහාර එල්ල කිරීමට යොදාගනු ලැබිය.මොහු විසින් 1969 දී ඇමරිකානුවන් සඳ මතට පාතැබු සැටර්න් 5 රොකට්ටුව නිර්මාණයේදී ප්‍රධාන කාර්යභාරයක් සිදුකලේය.
මෙම ජර්මානු ඉංජිනේරු කංඩායම පළමුව ස්ථාන ගතව සිටිනා ලද්දේ නිව් මෙක්සිකෝවේ වයිට් සැන්ඩ්ස් නගරයේවන අතර 1950 හිදි රෙඩ්ස්ටෝන් ආර්සෙනල් ඇලබාමා වෙත පිටත් ව ගොස් ඇත්තේ සැටර්න් 5 රොකට්ටුව නිර්මාණය පිණිසය
මිචෙල් හොල්ඩෙරර් පැවසුවේ තම පියා විසින් සැටර්න් රොකට්ටුව නිපදවීමේදී එහි සවිකරණු ලැබු අධිවේගී සුලං උමග සහිත කොටස නිර්මාණය කල බවයි.
හොල්ඩෙරර් මහතා 1955 හිදී ඇමරිකානු පුරවැසිභාවය ලබාගත් අතර නාසා ආයතනයෙන් 1974 දී විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු විසින් පුහුණු වීම් සඳහා යොදා ගන්නා උපාංග සාදා තිබේ. මෙම උපාංග ඇමරිකාවේ හන්ට්ස් විලේ පිහිටි ඇමරිකානු අභ්‍යාවකාශ සහ රොකට් මධ්‍යස්ථානයේ තවමත් භාවිතා කරයි.
කලින් නාසා හි ප්‍රකාශක ඊඩී බක්බේ පැවසුවේ හොල්ඩෙරර් මහතා හැකියාවන් විශාල ප්‍රමාණයකින් පරිපූර්ණ වු ඉංජිනේරුවරයෙක් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd