මිනිස් මොළයට හානිකරන දුර්ලභ ඇමීබා රෝගයක් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඔවුන් පවසන්නේ නයිග්ලේරියා ෆවුලරි නම් මෙම ඇමීබා විශේෂය මිනිස් මොළය ආහාරයට ගන්නා බවයි.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හිල්ස්බරෝ ජනපදයේ පුද්ගලයෙකුට මෙම රෝගය වැළඳී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
උණ, ඕක්කාරය සහ වමනය මෙන්ම බෙල්ලේ තද ගතිය සමග හිසරදය වැනි රෝග ලක්ෂණ ආසාදිතයන් පෙන්නුම් කරන අතර රෝගය වැළඳුන බොහෝ දෙනෙක් සතියක් ඇතුලත මිය යති.රෝග ලක්ෂණ ඇතිවූ පසු රෝගය වේගයෙන් උත්සන්න වන බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ෆ්ලොරීඩා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා ඇත.අන්වීක්ෂයෙන් පමණක් නිරීකෂණය කළ හැකි ඒක සෛලීය ජීවියෙකු වන මෙම ඇමීබාවා ඇතිකරන ආසාදනය මාරාන්තික වේ.
උණසුම් මිරිදිය ජලයේ බහුලව දක්නට ලැබෙන ඇමීබා නාසය හරහා මිනිස් සිරුරට ඇතුළු වෙයි.
කෙසේවුවද පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය බෝ නොවන බව තහවුරු වී ඇතැයි වෛද්‍යවරු පවසති.
මෙම ඇමීබා ආසාදන සාමාන්‍යයෙන් ඇමරිකාවේ දකුණු දිග ප්‍රාන්ත වල දක්නට ලැබෙන නමුත් ෆ්ලොරීඩා ප්‍රාන්තයේ දුර්ලභ බව පැවසේ.
ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් 1962 වර්ෂයේ සිට මේ දක්වා වාර්තා වී ඇත්තේ රෝගීන් 37දෙනකු පමණි.රෝගය මාරාන්තික බැවින් හිල්ස්බොරෝ ජනපදයේ පදිංචිකරුවන්ට ටැප් සහ වෙනත් ප්‍රභවයන්ගෙන් ජලය ලබාගන්නා විට සැලකිලිමත් වන ලෙස අනතුරු අඟවා තිබේ.එම ජලය නාසය සමග ගැටීමෙන් වළක්වාගන්නා ලෙස ඔවුන්ට දැනුම් දී ඇත.
විල්, ගංගා, පොකුණු සහ ඇළ මාර්ග වැනි ජලය සහිත විවෘත ප්‍රදේශ වල වැඩි අවදානමක් පවතින බවද ඔවුහු සඳහන් කරති. ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් වැනි උණුසුම් මාසවල මෙම ආසාදන ඇතිවීමේ ඉඩකඩ වැඩි බවද සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයෙන් කොරෝනා ඇමරිකාවෙන් ඇමීබා රෝගයක්...!!! ලෝක විනාශයක් අතළඟදැයි සිතෙනවා...
2020 වසර තරම් ලොවට අපල ගෙනදුන් කාලයක් තවත් නැතුව ඇති. දකින, දකින සෑම පැත්තකින්ම අසන්නට, දකින්නට ලැබෙන්නේ දුක්මුසු පුවත්...