ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ කැළෑවකින් විශාල ප්‍රමාණයේ පාදයක් හමුවී තිබේ.

කුණුවී ගද ගසමින් තිබූ මේ පාදය හමුවී ඇත්තේ කුඩා දරුවන් දෙදෙනෙකුටය.ඔවුන් කළ දැනුම්වත් කිරීමකට අනුව පාදය තමන් භාරයට ගැනීමට ප්‍රාන්ත පොලිසිය කටයුතු කර ඇත.පාදය වෛද්‍ය පරීක්ෂණ සදහා යොමුකර තිඛෙන අතර දැනට එය මනුෂ්‍යයෙකුට අයත් වන්නක් නොවන බවත් එසේ වුවත් මිනිස් පාදයක ලෙසටම ඇගිලි පිහිටා ඇති බවත් හෙළිව තිබේ.

මේ පාදය ‘බිග් ෆුට්‘ හෙවත් ‘යෝධ මිනිසාට‘ අයත් යැයි ඇතැම්හු කියති.මනංකල්පිත සත්ත්වයෙකියි සිතා බොහෝ දෙනෙකු විසින් මේ අදහස බැහැර කළද තමන් අතිවිශාල ප්‍රමාණයේ ලොමින් වැසී ගත් සත්ත්වයෙකු දැක ඇති බව සහතික කර කියන පුද්ගලයිනද ඇමරිකාවේ නොඅඩුව සිටී.අනාවැකි පළ කිරීමට කල් වැඩි බවත් පරීක්ෂණ කටයුතු අවසාන වන තුරු සිටිය යුතු බවත් ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා කියයි.