IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මනාලයාගේ පාස්පෝට් එක බල්ලා කාලා

ඉතාලියේ මංගල උත්සවය සැලැසුම් කර, ඉතාලියට යෑමට සූදානමින් සිටින ඇමෙරිකන් තරුණයකුගේ ගමන් බලපත්‍රය ඔහුගේ බල සුරතලා සපා කා විනාශ කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගමන් බලපත්‍රය සපා කා එය විනාශ කර ඇත්තේ ‘චිකී’ ය.

‘චිකී’ අවුරුදු 1 1/2 ක් වයසැති ගෝල්ඩන් රෙට්රීවර් වර්ගයේ බලු සුරතලෙකි. අකරතැබ්බට මුහුණ දුන් තරුණයා ඩොනාටෝ ෆ්‍රැටරෝලිය.

ඩොනාටෝ විවාහ වීමට සූදානමින් සිටින්නේ මග්දා මාර්සි නැමැති තරුණිය සමගය. මංගල උත්සවය මෙම අගෝස්තු 28 වැනිදාට යෙදී තිබේ.

ඇමෙරිකානුවකු වන ඩොනාටෝ උපතින් ඉතාලි ජාතිකයෙකි. මංගල උත්සවයට ඉතාලියේ පැවැත්වීමට තීරණය කර ඇත්තේ එහෙයිනි.

කඩිනමින් නව ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට තමන් උත්සාහ ගන්නා බව ඩොනාටෝ පවසා තිබේ.

කෙසේ නමුත්, එය කඩිනමින් කළ හැකි වේවිදැයි සැක සහිත බව ද ඩොනාටෝ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.



අදහස් (2)

මනාලයාගේ පාස්පෝට් එක බල්ලා කාලා

Bunny Preena Monday, 21 August 2023 10:27 AM

එයාට ඉරිසියා හිතුණද දන්නේ නැහැ... ඕවා මෙච්චරකල් හුරතල් කරකර ඉඳලා වෙන කෙනෙක් හුරතල් කරන්න ගෙනෙන නිසා.. එයත් මානුෂීය ගති තියෙන කෙනෙක් නේ...

:       3       28

Indika Monday, 21 August 2023 12:30 PM

බල්ලා Man's Best Friend කියන්නේ එකනේ. උට තේරුණා තමන්ගේ ස්වාමියා අමාරුවේ වැටෙන්න යන්නේ කියල. බේරන්න ට්‍රයි කලේ.

:       1       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site