අඩි 6 අගල් 8 ක් උසැති ලොව උසම තරුණිය වන බ්‍රසීල ජාතික එලිසිනා ද කෘෘස් සිල්වා ලොව උසම මනාලිය බවට පත්වීමට සැරසෙන්නීය.
ඇයගේ අත ගැනීමට සැරසෙන්නේ වසර 3 ක් තිස්සේ ඇය සමග පෙමින් බැදී සිටින ෆ්‍රැන්සිනාල්ඩෝ ද සිල්වා කාර්වල්හෝය.අඩි 5 අගල් 4 ක් පමණක් උස් වන ඔහු එලිසිනා හමුවේ ගලිවර් ඉදිරියේ ලිලිපුට්ටෙකුට සමාන වුවත් උස තමන්ගේ ආදරයට බාධාවක් කරගැනීමට දෙදෙනම සූදානම් නැත.
සිටගත්විට ෆ්‍රැන්සිනාල්ඩෝ යන්තම් උස් වන්නේ එලිසිනාගේ හිණ පමණටය.
‘අප වෙරළේ ඇවිදිමින් සිටියේ.එක්වරම ඔහු දණින් වැටී ඔහුගේ අත තිබුණු මුදුවක් දිගු කර මගේ අත පතා සිටියා.මට කියන්නේ මොනවද කියලා එක සැරේ හිතාගන්න බැරිවුනා.මොකද මම ඉස්සර ඔහුට කිය කිය හිටියේ මාව විවාහ කර ගන්න අහන්න එපා කියලා.මොකද කියලා දන්නවනේ.නමුත් මට කල් ගතවෙද්දී තේරිලයි තිබුණේ ෆ්‍රැන්සිනාල්ඩෝ තමයි මට ගැලපෙන කෙනා කියලා.ඉතින් මම කැමැත්ත දුන්නා‘ ඇය කියන්නීය.
එලිිසිනා විවාහ කර ගැනීම සම්බන්ධයෙන් ෆ්‍රැන්සිනාල්ඩෝට නම් කිසිම ගැටලූවක් තිබී නොමැත.
‘මට ඕනෙ වුනේ මටත් වඩා උස කෙල්ලෙක්ව.එලිසිනා ඉතින් හොදටම උසයි නේ.ඒ නැතත් අපි දෙන්නා හොදට ගැලපෙනවා.‘ ඔහු කියන්නේය.
එලිසිනාගේ මේ අසාමාන්‍ය උසට හේතුව ඇයගේ පිටියුටරි ග්‍රන්ථීයේ අධි කි්‍රයාකාරීත්වයක් බව වෛද්‍යවරු පවසති.මිනිස් සිරුරේ වර්ධනය සදහා වන හෝමෝන නිකුත් වන්නේ පිටයුටරි ග්‍රන්ථීයෙනි.
‘එලිසිනාට තවම 18 යි.ඇය පොඩි දරුවෙක්.ඉගෙන ගන්න දේවල් ගොඩක් තිඛෙනවා.ඇය හිතුවක්කාරයි එක වෙලාවකට.මේ නිසා දෙන්නා අතර හිත් අමනාපකම් එහෙමත් ඇති වනවා.නමුත් ෆ්‍රැන්සිනාල්ඩෝ ඒ සියල්ල ඉක්මනින් විසදා ගන්න දන්නවා.ඔහු තමයි මගේ දුවට හොදින්ම ගැලපෙන කෙනා‘ යැයි එලිසිනාගේ මව පවසන්නීය.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මනාලයා අඩියයි අඟල් හතරක් කොටයි
නන්දන පනාගොඩ මිලානෝ Friday, 09 May 2014 05:59 PM
මුහුණ ලස්සන නම් උසත් ප්‍රශ්නයක්ද? (නි)
ධනා Friday, 09 May 2014 12:08 PM
අයියෝ, සිල්වා එහෙනම් මට වඩා ඉස්සරහින් ඉදලා.එලිසිනා එතකොට මට මොකද වෙන්නෙ. (ස)
මදුමල් Friday, 09 May 2014 01:09 AM
ඒක නම් නියමම ආදරයක් (නි)
චින්තක Thursday, 05 June 2014 12:24 PM
ආලය අන්ධයිලුනේ (නි)
සමන්ති Friday, 09 May 2014 07:14 PM
සිකුරු ලියා - බොළඳ ලියා (දික්තලා කාලගෝල ) නව අර්ථකථනය. (අ)