ඉන්දියාවේ උත්තර්කාන්ද් හී ජීවත් වූ මිනීමස් කන කොටියකු වෙඩිතබා ඝාතනය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.එම කොටියා මිනිසුන් දෙදෙනකු මරා ඇති බවත් පස් දෙනකුට තුවාල සිදුකර ඇති බවත් වාර්තා වෙයි.
මේ සතා උත්තර්කාන්ද් හී ගොවිතැන් ආශ්‍රිතව සැරිසැරූ අතර මේ නිසා අස්වැන්න නෙළීමට පවා බොහෝ ගොවියෝ බිය වූ බව කියති.
හෙලිකොප්ටර් යානා,ඩ්‍රෝන යානා සහ තාප ඡායාරූප යොදාගනිමින් කොටියා සෙවීමේ මෙහෙයුම් දියත් විය.කොටියකු දඩයම් කිරීමට මෙවන් තාක්ෂණයක් භාවිත කළ පළමු අවස්ථාව මෙය බව බලධාරීහු කියති.
සති හයක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව එම කොටියා සොයාගත් වනජීවී නිලධාරීහු නිර්වින්දනය කිරීමට උත්සහ ගත්හ.නමුත් ඒ උත්සහයන් අසාර්ථක වී කොටියා පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයකදී ඔවුහූ වෙඩි තැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාවේ තියෙන්නේ. මිනිසුන් දෙදෙනකු මරා තවත් කීප දෙනෙකුට තුවාල කරල මිනිමස් කනවා කියල. නැහැ. අසරණ සත ,ඕනෑම සතෙක් ළගට. ගියොත් ඒ. සතා අණ තුරක්. කරනවා. මිසක් බදාගෙන ඉබින්නේ. නැහැ , වනාන්තරය තියෙන්නේ සත්තුන්ට ඉන්න ,මේ කට්ටියට. ඉන්න. තැන් නැතුවද .(අ)
මම හිතන්නේ ඌ ගම්මානෙට එනවා ඇත්තේ අස්වැන්න නෙළන්නට වෙන්න ඇති (නි)