ඇමෙරිකාවේ මිසිසිපි හි පිහිටි මානසික සෞඛ්‍ය රෝහලකින් භයානක මිනීමරුවන් දෙදෙනෙකු පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇන්තනි ගාර්වර් සහ මාර්ක් ඇලෙක්සැන්ඩර් යන මොවුන් දෙදෙනා 2013 වසරේදී අවුරුදු 20ක් වයසැති තරුණියක් වයර් භාවිතාකර බැද දමා 24 වතාවකට වඩා පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වී සිරගතකොට අනතුරුව 2015 වසරේදී මානසික ප්‍රතිකාර සදහා එම රෝහලට ඇතුලත් කර තිබේ.
සවස 6.00ට පමණ ඔවුන් භෝජන ශාලාවේ සිට ඇති අතර ඉන් පැය එකහමාරකට පමණ පසු අතුරුදන් වී තිබේ. රෝහලේ තිබු කැඩුණු කවුළුවකින් ඔවුන් පළා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මොවුන් දෙදෙනා සොයාගැනීම සදහා පොලසිය එරට මහජන සහය පතන බවට සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටදෙනියාව පොලිසියට දෙමුද කේස් එක ? සුටුස් ගාල හොයල දේවි! (බ)