
උතුරු ගාසා තීරයේ, රෝහල්වල කුඩා දරුවන් හය දෙනකු විජලනයට ලක්වීමෙන් සහ මන්දපෝෂණයෙන් මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් උතුරු ගාසා තීරයේ රෝහල් සියල්ල මුළුමනින්ම අඩපණ වී ඇත.
විජලනයට ලක්වීමෙන් සහ මන්දපෝෂණයෙන් මියගියේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින දරුවන් යැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශව වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
මියගියේ අල් ෂිෆා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් දෙදෙනකු සහ කමල් අද්වාන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් සිවු දෙනෙකි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd