බ්‍රසීලයේ සාඕ පෝලෝ නුවර මහල් 26කින් සමන්විත ගොඩනැගිල්ලක් විනාඩි 90ක කාලයකදී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි වාර්තා වේ. 
 
ගින්නෙන් එක් පුද්ගලයෙකු මියගිය බවට තහවුරු වී ඇති අතර පවුල් 50ක් පමණ පදිංචිව සිටි මෙම නිවාස සංකීර්ණයේ ඇතිවූ ගින්නෙන් අතුරුදන් වූ සංඛ්‍යාව සම්බන්ධ වාර්ථා ලැබී නොමැති බව බලධාරීහු පවසති.
 
ගිනිගැනීම හේතුවෙන් ගොඩනැගිල්ලේ අඩක් කඩා වැටී ඇත. ගිනි නිවන සේවකයින් 160ක් සහ ගිනි නිවන රථ 57ක් ගින්න මැඩපැවැත්වී සඳහා යොදවා තිබුණ ද වේගයෙන් ඇවිලුණු ගින්න ක්ෂණිකව ගොඩනැගිල්ල පුරා පැතිරුණු බව මාධ්‍ය වාර්තා කර ඇත. ගිනි නිවන අංශ පවසන්නේ ගින්නට හේතුව තවම සොයාගෙන නැති බවයි.
 
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085