IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මිනිත්තු 40 ක් පෝලිමේ ඉදලා බයිඩන් ඡන්දය දාලා

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ඔහුගේ ගම් පළාත වන ඩෙලවෙයාර් ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් මිනිත්තු 40 ක් පෝලිමේ සිට, සිය ඡන්දය ප්‍රකාශ කළේය.

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් 5 වැනිදාය. ඊට පෙර, වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනපද මට්ටමින්, ඇමෙරිකන් වැසියන්ට අවස්ථාව උදා වෙයි.

බයිඩන්, නිව් කාසල් නගරයේ ඡන්ද මධ්‍යස්ථානයට ගියේ ඒ අනුවය.

ජනාධිපති ආරක්ෂක නිලධාරීන් බයිඩන්ට ආරක්ෂාව ලබා දුන් අතර, 81 හැවිරිදි බයිඩන් පෝලිමේ ඔහුට ඉදිරියෙන් රෝද පුටුවකින් පැමිණ සිටි වැඩිහිටි කාන්තාවකට සහාය දැක්වීමට ද අමතක නොකළේය.

මෙවර ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප අගමැතිනී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස්ය. 
ජනමත සමීක්ෂණ අනුව, දෙදෙනා අතරේ තියුණු සටනක් පැවැත් වෙනු ඇතැයි ද පැවැසෙයි.

කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළේ ද බයිඩන්ය. ඒ, පසුගිය ජූලි මාසයේ බයිඩන්, ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වීමෙන් පසුවය. බයිඩන් ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වූයේ ඔහුගේ වයස ඔහුට බාධාවක් වූ බැවිනි.



අදහස් (1)

මිනිත්තු 40 ක් පෝලිමේ ඉදලා බයිඩන් ඡන්දය දාලා

Kaluwithana Wednesday, 30 October 2024 09:04 AM

මූ තමයි ලෝකෙම කාලකන්නි කරපු ලොන්තයා. යුක්‍රේන යුද්ධෙ පටන් ගත්තෙ මූ තමයි. ඒක නිසා තමයි අර ඊස්‍රායලෙයි පලස්තීනෙත් අහිංසක මිනිස්සු මලේ. ආපහු ට්‍රම්ප් ආවොත් කාලයක් යුද්ධ නැතුව තියෙයි. නැත්තන් ඉතින් සොරිම තමයි.

:       12       54

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site