IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


මොනාකෝ හි රජුටත් කොරෝනා ආසාදනය වෙයි

බටහිර යුරෝපීය රටක් වන මොනාකෝ හි රජු වන ඇල්බට් කුමරුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. 

කෙසේවුවද කුමරුගේ සෞඛ්‍ය යහපත් බව ඔහුගේ කාර්යාලය පවසයි.
 
ඇල්බට් කුමරු සිය පෞද්ගලික මහල් නිවාසයේ සිට රාජකාරී කටයුතු සිදුකරමින් සිටින බව ද සඳහන් වේ.
 
62 හැවිරිදි ඇල්බට් කුමරු සියවස් ගණනක් පැරණි ග්‍රිමල්ඩි මන්දිරයේ ප්‍රධානියා වන අතර දිවංගත රයිනර් III කුමරුගේ සහ නිලි ග්‍රේස් කෙලීගේ පුත්‍රයාය.ඔහු 2005 දී සිහසුනට පත්විය. 
 
2011 දී දකුණු අප්‍රිකාවේ හිටපු ජාතික පිහිනුම් ශූර චාලීන් විට්ස්ටොක් සමඟ විවාහ වූ අතර ඔවුන්ට දරුවන් දෙදෙනකු සිටියි.

යුරෝපා සංගමයේ ප්‍රධානියෙකු වන මිචෙල් බාර්නියර් ද අද (19) කියා සිටියේ තමාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවයි.

ඔස්කාර් සම්මානලාභී නළු ටොම් හැන්ක්ස් සහ ඔහුගේ බිරිඳ නිලි රීටා විල්සන් සහ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිඳ සොෆී ද වෛරසය සඳහා ආසාදනය වූ ප්‍රසිද්ධ පුද්ගලයින් අතර විය.

කොරෝනා වයිරසය ලොව පුරා පුද්ගලයින් 219,000 කට ආසාදනය වී ඇති අතර මරණ සංඛ්‍යාව 8,900 ඉක්මවා ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

මොනාකෝ හි රජුටත් කොරෝනා ආසාදනය වෙයි

mahinda Friday, 20 March 2020 02:34 AM

ලංකාවේ රජාල තාමත් යහපත්... බුදුසරණයි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 469 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 312 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 472 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site