
ජනප්‍රිය මෙන්ම සම්මානනීය සිනමාකරු මනි රත්නම් චෙන්නායි නුවර රෝහලකට ඇතුළත් කර තිබේ.
66 හැවිරිදි මනි රත්නම්, රෝහල් ගත කර ඇත්තේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙනි.
රෝහලට ඇතුළත් කරද්දී, මනි රත්නම් ‘කොවිඩ් 19’ පරීක්ෂණයකට යොමු වුණු බවත්, ඔහු ‘කොවිඩ් 19’ ආසාදිතයකු නොවන බවත් පැවැසෙයි.
මනි රත්නම්ගේ මීළග සිනමා නිර්මාණය වන්නේ ‘පොන්නියින් සෙල්වාන්’ ය. ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘පොන්නියින් සෙල්වාන්’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට එළිදක්වා ඇති අතර, එය බොහෝ දෙනාගේ කතාබහට හේතුවක් වී තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd