අන්කාරාහිදීය/වොෂින්ටන්හිදීය (රොයිටර්)
මාධ්‍යවේදී ජමාල් කශෝජිගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්නැයි සෞදි අරාබියේ සල්මාන් රජු අද (15) නියෝග කළේය.
සෞදි ජාතිකයකු වන මාධ්‍යවේදී ජමාල් කශෝජි අතුරුදන් වූයේ ඔක්තෝබර් 2 වැනිදාය. ඔහු අවසන්ට වරට දැක ඇත්තේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාල තුළදී වන අතර ඔහු කොන්සියුලර් කාර්යාලයට ඇතුළු වන අයුරු දැක්වෙන වීඩියෝ පට තිබුණද ඔහු ඉන් පිටතට පැමිණි බවට කිසිදු තොරතුරක් නැත.
තුර්කි සහ සෞදි පරීක්ෂකයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් අද (15) තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය පරීක්ෂා කිරීමට නියමතව ඇත.
මාධ්‍යවේදී ජමාල්ට සිදු වූයේ කුමක් ද යන්න සෙවීමට එක්ව වැඩ කිරීමට සෞදි සහ තුර්කිය එකඟ වූයේ දින කිහිපයක සාකච්ඡාවලින් පසුවය.
මාධ්‍යවේදී ජමාල් කශෝජි සෞදි රාජධානියේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනයට මාධ්‍යවේදියෙකි.
(055)
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාධ්‍යවේදී ජමාල් කශෝජිගේ අතුරුදන් වීම ගැන පරීක්ෂණයක්