පසුගිය වසරේ ජනමාධ්‍යවේදීන් 60 දෙනකු වෘත්තීය කටයුතුවල හෝ ඒ සම්බන්ධ කාර්යයක නිරත වනවිට ඝාතනයට ලක් වී ඇතැයි ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර කමිටුව පෙරේදා  (23) නිකුත් කළ වාර්තාවක දැක්වේ.

ගෙවීගිය අවසන් වසර තුනක කාලය ජනමාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදුවූ දුෂ්කරම වසර තුන බවත් ඔවුන් කියයි.

ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම් වලින් වැඩි සංඛ්‍යාවක් ජාත්‍යන්තර පුවත් වාර්තාකරණයේදී සිදු වූ ඒවා බවත් එය සිදු වූ ඝාතනවලින් හතරෙන් එකක් ලෙස දැක්විය හැකි බවද 2013 වසර අවසානයේදී ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම් 70ක් වාර්තා වූ බවත් එම සංවිධානය කියයි.

මේ වසරේ ඝාතනවලින් වැඩි සංඛ්‍යාවක් වාර්තා වූයේ සිරියාවෙනි. තවත් වාර්තා නොවූ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම් රැසක් ඇති බවත්, වාර්තා වූ එහෙත් සනාථ නොවූ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම් 18ක් පරීක්ෂණ පවත්වමින් සිටින බවත් එහි දැක්වේ.