ඝාතනය කළ සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ සිරුරේ කොටස් පුළුස්සා දමන්නට ඇතැයි තුර්කි පොලිසිය විශ්වාස කරයි. 

පොලිස් වාර්තාවක් උපුටා දක්වමින් තුර්කියේ රාජ්‍ය පුවත් සේවය වන අන්දොලු පුවත් සේවය ඒ බව වාර්තා කර ඇත. 

සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයකු ලෙස සැලකෙන ජමාල් කශොග්ජි ඝාතනය කෙරුණු පසුගිය වසරේ ඔක්තෝබර් 2 වැනිදාය. තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඔහු ඝාතනය කෙරුණු අතර සෞදියේ ඒ කණ්ඩායමක් එම ඝාතනය කළ බව අනාවරණය විය.  

කොන්සියුලර් කාර්යාලය තුළ ළිං දෙකක් තිබූ බවත් උඳුනක් තිබූ බවත් අනාවරණය වී තිබේ. උඳුනට අංශක 1,000ක දක්වා දාහය නිපදවිය හැකි බවත් එම උෂ්ණත්වය යටතේ ඕනෑම ඩී.එන්.ඒ අංශුවක් විනාශ කළ බවත් පොලිස් වාර්තාව උපුටා දක්වමින් අන්දොලු පුවත් සේවය වාර්තා කර ඇත. 

රොයිටර් ඇසුරිනි

055