මධ්‍යම ඉතාලියේ අද (30) පෙරවරුවේ රික්ටර් මාපකයේ 6.6ක අගයකින් යුත් භූකම්පනයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මීට දින කිහිපයකට පෙර භූ කම්පන දෙකක් හේතුවෙන් ඉතාලියේ ගොඩනැගිලි රැසකට බලපෑම් ඇතිවූ අතර ඒ හේතුවෙන් නෝර්සියා, ප්‍රෙසි සහ විසෝ ඇතුළු නගරවල වැසියන් ඉවත්ව සිටි නිසා මෙවර භූ කම්පනයේ බලපෑම අවම වී ඇතැයි කියති.
මෙම සතියේ ඇතිවූ භූ කම්පන හේතුවෙන් එම පෙදෙස්වල වැසියෝ නිවාස අතහැර ගොස් මෝටර් රථ හෝ වෙනත් ස්ථානවල නිදා ගැනීමට පුරුදුව සිටිති.
අවසානයේ ඇතිවූ භූ කම්පනයෙන් අලංකාර කඳු වැටියක් අතර තිබූ ගම්මානයකට දැඩි බලපෑම් ඇතිවූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
අද ඇතිවූ භූ කම්පනයෙන් මිනිසුන්ට හෝ ගොඩනැගිලිවලට හානි සිදුව ඇත්දැයි තවමත් පරීක්ෂා කරමින් පවතින බව ඉතාලි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ඉතාලි පුවත් සේවයක් වාර්තා කර තිබුණේ කඩා වැටුණු ගොඩනැගිලිවලට යටවී සිටි තිදෙනෙක් සුන්බුන් අතරින් ඉවතට ඇද ගත් බවයි. මෙය මහත් ඛේදවාචකයක් බව එම නගරවල නගරාධිපතිවරු කියති.
‘මම නිදා සිටියේ කාර් එකේ. මම නරකාදිය දැක්කා‘ යැයි සිද්ධිය දුටුවකු වාර්තා කර තිබිණි. ඉතාලියට පසුගිය අගෝස්තු 24 වැනිදා ඇතිවූ ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් මිය ගියහ.
රෝමයට කිලෝමීටර් 132ක් ඊසාන දෙසින් හා පෙරුජියාවට කිලෝ මීටර් 67ක් නැගෙනහිරින් අපිකේන්ද්‍රයේ භූ කම්පනය හටගෙන ඇතැයි කියති.
මධ්‍යම ඉතාලියේ නෝර්සියාහි ශාන්ත බෙනඩික් දේවස්ථානය භූ කම්පනය හේතුවෙන් විනාශ වී ගිය බවත් රෝමය හෙල්ලුම් කෑමත් සමගම මෙට්‍රෝ දුම්රිය සේවය නතර කළ බවත් කෘඒෂියාව හා ස්ලෝවේනියාවට ද මේ කම්පනය දැනුණු බව ද වාර්තාවේ. නෝර්සියා නගරයේ හානියට පත් කොටස් ඇති ස්ථාන තහනම් කලාපයක් කර ඇති බවත් ඉතාලි වාර්තා සඳහන් කරයි.
මධ්‍යම ඉතාලියේ සිදුවූ භූමිකම්පාවෙන් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැති අතර ශ්‍රී ලාංකිකයෝද එහි වාසය කරති.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ සුළු භූ කම්පන නිතර ඇති වෙනවා. ඒ නිසාම මෙහි ගොඩනැගිලි නිර්මාණයේදී විවිධ ප්‍රමිතිකරණයන්ට අනුකුලව නිර්මාණය කළ යුතුයි. මිලානෝ නගරයේද නිතර සුළු කම්පන ඇති වුනත් මේ නිසාම මෙහි ඇති උස ගොඩනැගිලි වලට කිසිම හානියක් වී නැත. ලොව ඇති උසම සිරස් හරිතමය ගොඩනැගිල්ල ඇත්තේද මිලානෝ නගරයේය. (බ)
නොදන්නා හින්දයි අහන්නේ. කාරයක් තුළ සිටීමෙන් මින් බේරෙන්නේ කොහාමද? කඩා වැටෙන ගොඩනැගිලි සුන්බුන් ආදිය වාහන මත පතිත නොවන්නේද? (නි)
ඔයින් ගියා ඇති.(හේ)
කාර් වල නිදාගන්නේ ගොඩනැගිලි නොමැති ස්ථාන වලය (නි)