මධ්‍යම ඇමෙරිකානු රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණිකයන් එවන බවට චෝදනා කරමින් එම රටවලට ලබාදෙන ආධාර කපා හැරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත.
මේ අනුව එල් සැල්වදෝරය, ගෝතමාලාව සහ හොන්ඩුරාස් යන රටවලට ආධාර ලබාදීම නවතා දැමීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
පසුගිය දින කිහිපයේදී එම රටවල සැලකිය යුතු පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකවරණ ඉල්ලමින් දකුණු දේශසීමාවට පැමිණ සිටිති.
එම රටවලට චෝදනා කර තිබෙන ඇමෙරිකානු ජනාධිපතිවරයා ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාව වසා දමන බවට ද තර්ජනය කළේය.
මෙක්සිකෝව ඇමෙරිකාවට සංක්‍රමණිකයන් එවීම නැවැත්වීමට පියවර නොගන්නේ නම් දේශසීමාව වසා දමන බවට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බල කර කීවේය.
රොයිටර් ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කථා කරන්නේ මානුෂික ආධාර ගැන පමණද? යුධ ආධාරත් නවත්තනවාද?