IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මධ්‍යධරණී මුහුදෙන් මළ සිරුරු 20ක් ගොඩගනී

මැඞ්රිඞ්හිදීය (ඒ.එෆ්.පී)
 
මධ්‍යධරණී මුහුදේ පාවෙමින් තිබියදී මළ සිරුරු 20කට ආසන්න සංඛ්‍යාවක් ගොඩගැනීමට මොරොක්කෝ මුදා ගැනීමේ සේවා කටයුතු කර කළ බව ස්පාඤ්ඤ බලධාරියෙක් අද (5) පැවසීය. 
 
මෙලෙස ගොඩගෙන ඇත්තේ උප සහරා අප්‍රිකා රටක සිට යුරෝපය කරා ගමන් කළ සංක්‍රමණිකයන් පිරිසකගේ මළසිරුරය. ස්පාඤ්ඤයට අයත් නෞකාවක් මෙමම මළ සිරුරු දැක තිබෙන අතර එම නෞකාවේ කාර්ය මණ්ඩලය ස්පාඤ්ඤ සහ මොරොක්කෝව යන රටවල් දෙකේ වෙරළාරක්ෂක සහ මුදා ගැනීමේ සේවා ඒ සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ.
 
මධ්‍යධරණී මුහුදේ මොරොක්කෝවට අයත් මුහුදු සීමාවේදී මෙම මළසිරුරු ගොඩගෙන ඇති අතර මළසිරුරු 20කට ආසන්න ප්‍රමාණයක් තිබූ බවට වාර්තා වේ. කෙසේ වෙතත් මොරොක්කෝ රජය මළ සිරුරු කොතරම් සංඛ්‍යාවක් ගොඩගත්තේ ද යන්න නිශ්චිතව නිවේදනය කර නොතිබිණි. 
 
මධ්‍යධරණී මුහුද ඔස්සේ සංක්‍රමණිකයන් වැඩි වශයෙන් ඇතුළුවන්නේ ඉතාලියට යැයි ද දෙවැනුව ස්පාඤ්ඤයට යැයි ද සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සඳහන් කරයි. එම සංවිධානයේ වාර්තාවලට අනුව මේ වසරේදී පමණක් මධ්‍යධරණී මුහුද හරහා ඉතාලියට පැමිණ ඇති සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 4,256කි. ස්පාඤ්ඤයට පැමිණ ඇති සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 1,279කි. 
 
මේ සති අන්තයේ දී වාර්තා වූ මරණ නොමැතිව මේ වසරේදී මධ්‍යධරණී මුහුද තරණය කිරීමට ගොස් අතුරුන් වූ හෝ ජීවිතක්ෂයට පත් වූ පිරිසගේ සංඛ්‍යාව 243ක් යැයි ද එම සංවිධානය තවදුරටත් සඳහන් කරයි. 
 
055



අදහස් (0)

මධ්‍යධරණී මුහුදෙන් මළ සිරුරු 20ක් ගොඩගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site