ලිබියාව ආසන්නයේ මධ්‍යධරණී මුහුදේ දී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අතුරුදන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
සංක්‍රමණිකයන් සිය දෙනකු පමණ එහි සිට ඇති බවත් ඉතාලි වෙරළාරක්ෂක භටයන් සිදුකළ බේරාගැනීමේ මෙහෙයුමකදී සංක්‍රමණිකයන් සිව්දෙනකු බේරාගෙන ඇති බවත් කියති. මියගිය අට දෙනකුගේ සිරුරු හමුවී ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. 
ලිබියාව හා ඉතාලිය අතර මුහුදේදී මෙම යාත්‍රාව දියේ ගිලී ඇතැයි ද මේ වනවිටත් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් කියති.