
රුසියන් යුක්රේන අර්බුදය විසඳීමට මැදහත්කරුවකු වීමට තමන් කැමැති බව වතිකානය පවසා තිබේ.
වතිකානය ගත් මෙම තීරණයට රුසියාවේ ද කැමැත්ත හිමිවී ඇතැයි පැවැසෙයි. කෙසේ නමුත් යුක්රේනය ඒ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත.
''වතිකානය එවැනි මතයක් පළ කිරීම ගැන රුසියාව සතුටු වෙනවා. රුසියාව ඊට එකගයි. ඒත් දෙපාර්ශ්වයම සාකච්ඡාවට ප්‍රවේශ විය යුතුයි'' යැයි ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ අවස්ථාවේ පටන්, සාමකාමීව අර්බුදය විසදා ගන්නා ලෙස ශුද්ධෝත්තම පාප්තුමන් අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කර තිබුණි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd