අප්‍රිකාවේ බටහිර සහේල් කළාපයේදී ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි හතරදෙනකු මුදවා ගැනීම සඳහා සිදුකළ මෙයෙහුමකදී ප්‍රංශ සොල්දාදුවන් දෙදෙනකු ඝාතනයට ලක්වී ඇත.
ඇමරිකානු කාන්තාවක, දකුණු කොරියානු කාන්තාවක හා ප්‍රංශ ජාතිකයින් දෙදෙනකු මෙලෙස රඳවාගෙන සිටි අය වන අතර මේ වනවිට ඔවුන් මුදවාගෙන ඇතැයි ප්‍රංශ බලධාරීහු පවසති.
පසුගිය සතියේ බෙනින්හි සංචාරයක යෙදෙන අතරතුර ප්‍රංශ ජාතිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් තිබිණි.
කෙසේවුවද මොවුන්ගේ මගපෙන්වන්නා ද මියගොස් සිටියදී හමුවූ බව පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd