
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පකිස්තානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දීමට නියමිත මුදල් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා පකිස්තාන හමුදාපති කමර් ජාවෙඩ් බජ්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ උදව් ඉල්ලා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් සහ හමුදාපති කමර් ජාවෙඩ් බජ්වා අතර දුරකතන සාකච්ඡාවක් පැවැත්වුණ බව පකිස්තාන විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර ඇතත් එහිදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු මොනවාදැයි අනාවරණය කර නැත.
පසුගිය ජූලි මස මුලදී පකිස්තානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹුනත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.17 වාරිකය නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටිනමුත් අගෝස්තු මස අවසන් සතිය තෙක් අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීමක් නොමැති බව පැවැසෙයි.
පකිස්තානු හමුදාපති බජ්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන මුදල් ඉක්මණින් නිදහස් කර ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ උදව් ඉල්ලීම පකිස්තානු හිටපු අගමැති ඉම්රාන් ඛාන් විවේචනය කළේය.
ආර්ථික කටයුතුවලට මැදිහත් වීම හමුදාපතිගේ කාර්යයක් නොවන බව ඉම්රාන් ඛාන් පෙන්වා දුන්නේය.පකිස්තානය කෙතරම් දුර්වල වී ඇත්දැයි එම මැදිහත් වීමෙන් පෙනී යන බව ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේය.
විදෙස් රජයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පකිස්තානු රජය විශ්වාස නොකරන බව ඉන් පෙනී යන බව ඉම්රාන් ඛාන් පැවසුවේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුදල් ගන්න පාකිස්තාන හමුදාපති මැදිහත් වෙයි