සෞදි අරාබියේ මෙදිනා නුවර මොහොම්මද් පල්ලිය ආසන්නයේ බෝම්බ පිපිරීමක් සිදු ව ඇතැයි වාර්තා වේ.

මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් යැයි ද තුවාලකරුවන් පිළිබඳ තොරතුරු වාර්තා නොවන්නේයැයි ද  විදෙස් පුවත් සේවා වාර්තාවල දැක්විණි.

මෙදිනා නුවර යනු ඉස්ලාම් ආගමේ ශුද්ධ වූ ස්ථාන අතරින් එකක් යැයි ද සැලකේ. ඒ ආසන්නයේ තිබූ වාහන ගිනි ගෙන දැවෙන අයුරු දක්නට ඇතැයි ද විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

ඉස්ලාම් ආගමේ මුහම්මද්තුමාගේ සිරුර භූමදානය කර ඇත්තේ මෙම ‘මුහම්මද් පල්ලියේ’ යැයි පවසන අතර මක්කමට පසු ඉස්ලාම් භක්තිකයන් දෙවැනි ශුද්ධ වූ නගරය ලෙස සලකන්නේ මෙදිනා නුවරය.

මෙදිනාහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)