IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මූදට සුළු දිය එක්වීම සුළු දෙයක්

මුහුදු ජලයේ සුළුදිය පහ කිරීම මුහුදු ජීවීන්ට යහපත් වන්නේයැයි ඇමරිකා විද්‍යාඥ පිරිසක් කියති.

මුහුදු දියේ නාමින් සිටින විට නොදැනුවත්වම සුළුදිය පහ වීම බොහෝ දෙනා අත්විඳ ඇති දෙයකි.

මෙයින් ජලය අපිරිසිදු වන්නේයැයි පැවසුණද පර්යේෂණය සිදුකර ඇති විද්‍යාඥ පිිරිස පවසන්නේ මුහුදු දියේ පරිමාව සැළැකූ විට සුළු දිය පහ කළායැයි කියා කිසිදු ආකාරයක ජල දුූෂණයක් සිදුවන්නේ නැති බවයි.

එයින් ඇත්තෙන්ම සිදුවන්නේ මුහුදු ජීවීන්ට, විශේෂයෙන්ම මුහුදු පැළෑටි වලට යහපතක් යැයි ඔවුන් කියයි.

මෙය තවදුරටත් පැහැදිලි කර දෙන ඔවුන් සුලූ දිය සමග පිට වන යූරියා මුහුදු ජලය හා එක්ව ඇමෝනියා බවට පත්වන බවද එම ඇමෝනියා මුහුදේ ජීවත්වන ශාක වර්ග වලට ඛෙහෙවින් අත්‍යාවශ්‍ය වන පෝෂකයක් බවද පවසයි.

අනෙක් අතට මුහුදු දියේ පරිමාව ක්වින්ට්‍රිලියන 350 ක් පමණ වෙද්දී (බින්දු 18 ක්) මුලූ ලෝ වැසි සියලූ දෙනා එකවර මුහුදු දියේ සුළු දිය පහ කළද එයින් මුහුදු ජලයට එක්වන්නේ ට්‍රිලියන එකකට සුලූදිය කොටස් 60 ක් වැනි සුළුදිය ප්‍රමාණයක් තරමේ කුඩා පරිමාවක් බව ඔවුන් කියයි.

මසුන් ඇතුලූ වෙනත් ජීවීන්ද මුහුදු දියේ සුළුදිය පහ කරයි. තල්මසෙකු දිනකට මුහුදට එක්කරන සුළුදිය ප්‍රමාණය ටොන් 970 ක් බව සොයාගෙන ඇත.

මෙනිසා මිනිස් අප මුහුදේ සුළුදිය පහ කළායැයි කියා වරදක්වත් වෙනසක්වත් සිදුනොවන බව පර්යේෂක පිරිස පවසයි.

මිනිස් අප ඇත්තෙන්ම සිදුකළ යුත්තේ සුළුදිය පහ කිරීමක් ගැන වද වීම නොව අන්තරායට මුහුණදී ඇති මුහුදු පරිසරය ආරක්ෂා කර ගැනීම යැයි ඔවුන් පෙන්වා දේ.



අදහස් (0)

මූදට සුළු දිය එක්වීම සුළු දෙයක්

නන්ද Wednesday, 27 August 2014 04:48 AM

ලංකාව වටේම මුහුදනේ. මට හරි ආසයි (නි)

:       0       0

උපාලි Wednesday, 27 August 2014 05:22 AM

ඔය ආරංචිය නම් එච්චර හොඳ නැහැ. කොළඹ අාපු අය හිතාවි මොකටද එහෙනම් රුපිය දහයක් දීල කරන්නේ ඔය වැඩේ කියලා. (නදී)

:       0       0

රෝමි Wednesday, 27 August 2014 06:06 AM

ඒකනේ මම ඒ වැඩේ ඒ කාලේ ඉඳලම බය නැතිව කලේ... අයි නෝ ද ලෝ පුතා...(අ)

:       0       0

අනස්ලි Wednesday, 27 August 2014 06:26 AM

සමහරු නාන තටාක වලත් සුළු දිය පහ කරනවා.ඒක හොදද දන්නේ නැ? (අ)

:       0       0

සත්‍යයා Tuesday, 26 August 2014 07:07 PM

අපේ අය නම් වැඩකරන්නේ මුළු රටම මහා මුහුදක් කියලා හිතාගෙන. (නි)

:       0       0

කුලසූරිය Tuesday, 26 August 2014 09:26 PM

මම හෙට සිට මුහුදු ජලයේ සුළුදිය පහකරමි..... (නි)

:       0       0

මියාල් Tuesday, 26 August 2014 10:31 PM

සුළුදිය ටොන් 970 දිනකට? විශ්වාස කිරීමට නොහැක. එය නිවැරදිද කියන්න. (නි)

:       0       0

හැරිසන් Wednesday, 27 August 2014 04:03 AM

මහ මුහුදට ඕවායේ ගාණක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site