ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරයට විරෝධය පළ කරමින්, බංග්ලාදේශයේ පැවැත්වෙන විරෝධතා අතරවාරයේ දී 19 හැවිරිදි තරුණයෙක් මරණයට පත්විය.
පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් අතරවාරයේ දී එම තරුණයා මරණයට පත්වුණු බව පැවැසෙයි. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර හටගත් ගැටුමින් තවත් 20කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
19 හැවිරිදි තරුණයා මියගියේ, බංග්ලාදේශයේ නැගෙනහිර පෙදෙසට වන්නට පිහිටි බ්‍රහ්මන්බරියා හි පිහිටි ග්‍රාමීය නගරයක් වන සරෙල් හි පැවැති විරෝධතාවක් අතරතුරේදීය.
හින්දු ජාතිකවාදියකු ලෙස හැඳින්වෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ නිල සංචාරයට විරෝධය පළ කරමින් ඉස්ලාමීය කණ්ඩායම්වල මූලිකත්වයෙන් මෙම විරෝධතා පැවැත්වෙයි.
විරෝධතාවලට සහභාගී වන බොහෝදෙනා බංග්ලාදේශයේ දැඩි මතධාරී ඉස්ලාමීය කණ්ඩායමක් වන හෙෆාසාත්-ඊ-ඉස්ලාම් සාමාජිකයෝ ය.
බංග්ලාදේශයේ 50 වැනි නිදහස් දිනයට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉකුත් 26 වැනිදා එරටට පැමිණියේ ය. විරෝධතා පැවැත්වෙන්නේ එදින සිටය.
නරේන්ද්‍ර මෝදි, ඉන්දියාවේ සිටින මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව වාර්ගික ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට කටයුතු කරන බවට චෝදනා කරමින් බංග්ලාදේශයේ මුස්ලිම් කණ්ඩායම් මෙලෙස විරෝධතාවල නිරත වෙයි.
පසුගිය සිකුරාදා පැවැති විරෝධතා අතරවාරයේ පොලිසියේ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් පස් දෙනකු මරණයට පත්වූ අතර සෙනසුරාදා පැවැති විරෝධතා අතරවාරයේ දී පුද්ගලයන් හය දෙනෙක් මරණයට පත්වූහ.
මිලියන 168ක ජනතාවක් වෙසෙන බංග්ලාදේශයේ ජීවත් වන බොහෝ දෙනා මුස්ලිම් ජාතිකයෝ ය.
බංග්ලාදේශයේ බොහෝ දිස්ත්‍රික්කවල මේ වනවිට විරෝධතා පැවැත්වෙයි.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මෝදිට විරෝධය පෑ තරුණයෙක් මරුට