
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානය බලා යෑමට නියමිතය. ඒ, නිල සංචාරයක් සඳහාය. මෝදි භූතානය බලා යනු ඇත්තේ, භූතාන රජුගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි.
භූතානයේ වංග්චුක් රජුගේ ඇරැයුම රැගෙන භූතාන අග්‍රාමාත්‍ය ෂෙරිංග් ටොබ්ගේ පසුගිය දා නවදිල්ලි අගනුවරට පැමිණ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවිය. ඉන්දියාව සහ භූතාන ආසියානු රටවල් වන අතර සාර්ක් කලාපීය රටවල් ද වෙයි.
භූතාන රජුගේ ආරාධනය මහත් ගෞරවයෙන් පිළිගන්නා බව අග්‍රාමාත්‍ය මෝදි භූතාන අග්‍රාමාත්‍ය ෂෙරිංග් ටොබ්ගේ හමුවේ පවසා තිබේ.
ෂෙරිංග් ටොබ්ගේ, භූතාන අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ මෙම පෙබරවාරියේය. ඔහු මීට පෙර ද භූතාන අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇත. ෂෙරිංග් ටොබ්ගේ පසුගිය දා ඉන්දියාට පැමිණියේ සිය පළමු විදෙස් සංචාරය ලෙසය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd