
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානය බලා යෑමට නියමිතය. ඒ, නිල සංචාරයක් සඳහාය. මෝදි භූතානය බලා යනු ඇත්තේ, භූතාන රජුගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි.
භූතානයේ වංග්චුක් රජුගේ ඇරැයුම රැගෙන භූතාන අග්‍රාමාත්‍ය ෂෙරිංග් ටොබ්ගේ පසුගිය දා නවදිල්ලි අගනුවරට පැමිණ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවිය. ඉන්දියාව සහ භූතාන ආසියානු රටවල් වන අතර සාර්ක් කලාපීය රටවල් ද වෙයි.
භූතාන රජුගේ ආරාධනය මහත් ගෞරවයෙන් පිළිගන්නා බව අග්‍රාමාත්‍ය මෝදි භූතාන අග්‍රාමාත්‍ය ෂෙරිංග් ටොබ්ගේ හමුවේ පවසා තිබේ.
ෂෙරිංග් ටොබ්ගේ, භූතාන අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ මෙම පෙබරවාරියේය. ඔහු මීට පෙර ද භූතාන අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇත. ෂෙරිංග් ටොබ්ගේ පසුගිය දා ඉන්දියාට පැමිණියේ සිය පළමු විදෙස් සංචාරය ලෙසය.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1825
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෝදිට භූතානයෙන් ඇරැයුමක්