ඉන්දියාවේ බටහිර අහමබාද් නුවර සර්දාර් පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් බව වාර්තා වේ.
එය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දීය ජනපති මෝදි, ඇමෙරිකානු ජනාධිපතිවයා දැඩි ලෙස සිප වැළඳගෙන පිළිගත් බවයි.
ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්, දියණිය ඉවන්කා සහ ඇගේ සැමියා ජැරඩි කුස්නර් ද ඉන්දියාවට පැමිණියේය.
ට්‍රම්ප් ඉන්දියාවේ සිදුකරන ප්‍රථම නිල සංචාරය මෙය වන අතර මීට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරු 7 දෙනකු ඉන්දියාවේ සංචාරය කර තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd