IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මෝදිගේ නව කැබිනට්ටුවට අලුත් මුහුණු රැසක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදු කළ නව කැබිනට් සංශෝධනයට අනුව, එරට ප්‍රධාන අමත්‍යාංශ ලෙස සැලෙකන සෞඛ්‍ය, අධිකරණ, ජන සන්නිවේදන සහ දුම්රිය සඳහා නව අමාත්‍යවරුන් පත් කෙරුණි. ඒ අනුව, මෝදිගේ ඇමැති මණ්ඩලය 78 තෙක් ඉහළ ගිය බව ද වාර්තා වේ.

සිදු කළ සංශෝධනට අනුව, කැබිනට් මන්ත්‍රීවරුන් ගණන 21 සිට 30 දක්වාත්, කණිෂ්ඨ මන්ත්‍රීවරුන් ගණන 23 සිට 45 දක්වාත් ඉහළ ගියේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ. නව අමාත්‍යවරුන් දිවුරුම් දීම ඊයේ (7) සවස සිදුවූයේ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ඉදිරියේය.

දිවුරුම් දුන් නව අමාත්‍යවරුන්ට තමන් සුබ පතන බවත්, ශක්තිමත් සමෘද්ධිමත් ඉන්දියාවක් ගොඩනැගීමට ඔවුන්ගේ සහාය තමන්ට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් අග්‍රාමාත්‍ය මෝදි, දිවුරුම් දුන් නව අමාත්‍යවරුන්ට සුබ පැතීමට ද අමතක නොකළේය.
කැබිනට් සංශෝධනයට පෙර, ඇමැතිවරුන් කිහිප දෙනකු ඔවුන්ගේ ධුරවලින් ඉල්ලා අස්වූ බව ද වාර්තා විය. ඔවුන් ඉල්ලා අස්වූයේ තරුණ මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් ලබා දීමට යැයි පවසමිනි.

ඉන්දියාව මේ වනවිට 'කොවිඩ් 19' දෙවැනි රැල්ලෙන් දරුණු ලෙස බැටකයි. එන්නත්කරණ වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක නොවන බැවින් ආසාදිතයන් අඩුවන බවක් නොපෙනෙයි. ඉන්දීය සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ, ඉන්දියාව තෙවැනි කොරෝනා රැල්ලට ද අතවනමින් සිටින බවය.

'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමේත්, කඩා වැටෙමින් පවතින සෞඛ්‍ය ක්ෂේත්‍රය යළි ශක්තිමත් කිරීමේත් වගකීම පවරා දෙමින්, නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස එම ධුරයට පත් කර ඇත්තේ මාන්සුක් මාන්දවියාය. මාන්සුක්ගේ කණිෂ්ඨ අමාත්‍යවරයා ලෙස පත් කෙරුණේ ආචාර්ය භාරතී පවාර්ය. සෞඛ්‍ය අමාත්‍ය ධුරයට අමතරව, මාන්සුක් මාන්දවියා, රසායනකික පොහොර පිළිබඳ අමාත්‍ය ධුරය ද හොබවනු ඇත.

ඔඩිෂා ප්‍රාන්තය නියෝජනය කරමින් රාජ්‍ය සභාවට එක්වුණු අෂ්වානී වෂ්නාව් දුම්රිය සහ තොරතුරු තාක්ෂණ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කෙරුණි. අෂ්වානී වෂ්නාව් ඇමෙරිකන් උපාධිධාරියෙකි.

අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කිරන් රයිජ්ජු පත් කෙරුණි. ඔහු මීට පෙර යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
කොරෝනා වසංගතයත් සමඟ කඩා වැටුණු ඉන්දීය සිවිල් ගුවන් සේවා අමත්‍යාංශය යළි පණ ගැන්වීමේ අරමුණින්, ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ජයෝත්‍රිආධිත්‍යා සින්ධියා පත් කෙරුණි.

මෙම අමාත්‍ය ධුරය මීට පෙර ආධිත්‍යාගේ පියා මාධවාරෝ විසින් ද හොබවා ඇත. මාධවාරෝ, 2001 වසරේ සිදුවුණු ගුවන් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.

එක්සත් ජනතා දාල් පක්ෂය නියෝජනය කරන, රාමචන්ද්‍ර ප්‍රසාද් සිංට ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එක්වීමට අවස්ථාවක් ලැබී ඇත. ඒ, වානේ කර්මාන්ත කටයුතු අමාත්‍යවරයා ලෙසය.

නවදිල්ලියේදීය (රොයිටර්)



අදහස් (0)

මෝදිගේ නව කැබිනට්ටුවට අලුත් මුහුණු රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site