
කෘතිම බුද්ධිය හෙවත් ඒ.අයි. මානව වර්ගයාගේ යහපත උදෙසා භාවිත කිරීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් හෙට (16) නවදිල්ලි අගනුවර කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වෙයි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට අනුව ලොව පුරා රටවල් රැසක රාජ්‍ය නායකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ තාක්ෂණික විශේෂඥයන් මෙම සුවිශේෂී සමුළුව සහභාගී වනු ඇත. කෘත්රිමම බුද්ධිය සම්බන්ධයෙන්, ඉන්දියාව අනුගමනය කරන මානුෂීය සහ තිරසාර ප්‍රවේශය පිළිබිඹු වන ආකාරයට සමුළුව පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ගෝලීය වශයෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන්මග සම්බන්ධයෙන් ලෝකයේ අවධානය ඇති කිරීම සමුළුවේ ප්‍රධාන අරමුණ බව ද පැවැසෙයි.
නවීන තාක්ෂණය හරහා ගෝලීය අභියෝග ජයගන්නා ආකාරයත්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වගකීම් සහගතව භාවිත කිරීමේ වැදගත්කමත් පිළිබඳවත් සමුළුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
සමුළුව සඳහා සහභාගී වන ඉහළ පෙළේ රාජ්‍ය නායකයන් අතර ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සිටීම විශේෂත්වයකි. මීට අමතරව බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, භූතාන අග්‍රාමාත්‍ය ට්ෂෙරින් ටොබ්ගේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් ඇතුළු රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමුළුවට සහභාගී වනු ඇත.
රාජ්‍ය නායකයන්ට අමතරව රටවල් 45කට අධික සංඛ්‍යාවක අමාත්‍ය මට්ටමේ දූත පිරිස් ද, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම පස්දින සමුළුවට එක්වෙති. සමුළුව ලබන 20 වැනිදා අවසන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd