IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මෝදිගේ ඇදුමින් ගංඟා නදිය පිරිසිදු වෙයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්දෝලනයට තුඩු දුන් වටිනා ඇඳුම ඉන්දියානු රුපියල් ලක්ෂ 120ට ලංසු තබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ දින තුනක් පුරා ඉන්දියාවේ පැවැත්වෙන වෙන්දේසියක දී ය.

ඇගමැති මෝදි ඇමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා හමුවූ අවස්ථාවේ දී මේ ඇදුම ඇඳ සිටියේය. එහි මෝදිගේ නම ‘‘නරේන්ද්‍ර දමෝදාර්දාස් මෝදි“ යනුවෙන් සිහින් අකුරින් සඳහන් වූ මෝස්තරයක් තිබිණි. අගමැතිවරයා මේ ඇඳුම ඇඳගෙන සිටි අවස්ථාවේ එය ඉන්දියානු රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා බව පවසමින් දැඩි විවේචනයට ලක්විය.

එම ඇඳුම වෙන්දේසියට ඉදිරිපත් කිරීමෙන් පසු ලැබෙන සම්පූර්ණ මුදල ඉන්දියාවේ ගංගා නම් නදිය අවට පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියකට යොදවන බව අගමැතිවරයා පවසයි. ඒ ව්‍යාපෘතිය අගමැතිවරයා විසින් ආරම්භකළ ව්‍යාපෘතියක් වන අතර ව්‍යාපෘතිය අවසන් වීමට වසර තුනක කාලයක් යන බව ද ඉන්දීය රජය පවසයි.

වෙන්දේසියේ දී ඇඳුමට ලංසු තබා ඇත්තේ රාජේෂ් ජුනේජා (57) නමැති කෝටිපති රෙදිපිළි ව්‍යාපාරිකයකි. මෝදිට දැඩි සේ ගරුකරණ පුද්ගලයක් වන ඔහු පවසන්නේ තමන් මේ ඇඳුම ලබාගැනීමෙන් පසු තම වෙළඳ සැලේ තබා ඇති මෝදිගේ පිළිරුව ඉදිරිපිට ඒ ඇඳුම ප්‍රදර්ශනය කරණ බවයි.



අදහස් (0)

මෝදිගේ ඇදුමින් ගංඟා නදිය පිරිසිදු වෙයි

නිමල් Thursday, 19 February 2015 05:50 PM

ඇඳුමට සල්ලි දෙන එක නෙමෙයි ප්‍රශ්නය. එම මුදල් මොකටද භාවිතා කරන්නේ කියන එකයි. මේකෙදි ගන්න කෙනාට තමන් කැමති දෙයක් ලැබෙනවා වගේම එම මුදල් යහපත් සමාජයට වැඩදායක දෙයකට යොදවනවා. ඉතින් ඇඳුම ගත් කෙනා ගංගාව පිරිසිදු කරන්න අනුග්‍රහයක් දක්වා තිබෙනවා. ඇසළට ඒක තේරුම් ගන්න බැහැ. (නි)

:       0       0

නාරද Friday, 20 February 2015 07:45 AM

හොද අදහසක්.(හේ)

:       0       0

නන්ද Friday, 20 February 2015 09:49 AM

පරාක්‍රම, අපේ මෝදි ගේ ඇදුමත් වෙන්දේසියේ දැන්මනම්, සාටකෙට වැඩිය ගණනක් ගත්ත හැකි. (හේ)

:       0       0

සරත් Thursday, 19 February 2015 11:09 PM

ඇසල, තව කැල්ලක්, බලේ තියනකොට මොලේ නැහැ, මොලේ තියනකොට බලේ නැහැ. (අ)

:       0       0

දුමින්ද Sunday, 22 February 2015 01:23 PM

අනේ මන්දා?(හේ)

:       0       0

සෙනරත් Saturday, 21 February 2015 02:22 PM

ඊළඟ ඡන්දයෙන් මෝඩි පැරදුනොත් ලංකාවේ වගේම ඇඳුමත් අරගෙන උසාවි යන්න වෙයිද සල්ලි ලැබුණු ආකාරය පෙන්වන්න? (නි)

:       0       0

ඇසළ Thursday, 19 February 2015 01:18 PM

සල්ලි තියන එකාට මොලේ නැහැ මොලේ තියන එකාට සල්ලි නැහැ. නැත්නම් ඇදපු ඇදුමක් මේ තරම් ගානකට ගනීද. කොයි තරම් දුප්පත් මිනිස්සු ඉන්න රටක්ද ඉන්දියාව. (නදී)

:       0       0

දුමින්ද Sunday, 22 February 2015 02:52 AM

අපේ රටේ තියන දේශපාලන සංස්කෘතිය ගැන අමුතුවෙන් කියන්න ඕනිද නෑනේ (දිල්)

:       0       0

ජීවා Friday, 20 February 2015 06:11 PM

නන්ද මමත් කියන්න ගියේ ඒ ටිකම තමා. ඒ අඩුව තියෙන්නේ මෙහෙ විතරමයි (බ)

:       0       0

පරාක්‍රම Thursday, 19 February 2015 04:53 PM

අපේ රටේ සාටකයටත් ලංසුවක් තියමුද? (නි)

:       0       0

සොපී Monday, 23 February 2015 02:28 AM

විවේචන වලින් බේරෙන්න ඉක්මනට වෙන්දේසි කරලා වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site