ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්දෝලනයට තුඩු දුන් වටිනා ඇඳුම ඉන්දියානු රුපියල් ලක්ෂ 120ට ලංසු තබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ දින තුනක් පුරා ඉන්දියාවේ පැවැත්වෙන වෙන්දේසියක දී ය.
ඇගමැති මෝදි ඇමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා හමුවූ අවස්ථාවේ දී මේ ඇදුම ඇඳ සිටියේය. එහි මෝදිගේ නම ‘‘නරේන්ද්‍ර දමෝදාර්දාස් මෝදි“ යනුවෙන් සිහින් අකුරින් සඳහන් වූ මෝස්තරයක් තිබිණි. අගමැතිවරයා මේ ඇඳුම ඇඳගෙන සිටි අවස්ථාවේ එය ඉන්දියානු රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා බව පවසමින් දැඩි විවේචනයට ලක්විය.
එම ඇඳුම වෙන්දේසියට ඉදිරිපත් කිරීමෙන් පසු ලැබෙන සම්පූර්ණ මුදල ඉන්දියාවේ ගංගා නම් නදිය අවට පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියකට යොදවන බව අගමැතිවරයා පවසයි. ඒ ව්‍යාපෘතිය අගමැතිවරයා විසින් ආරම්භකළ ව්‍යාපෘතියක් වන අතර ව්‍යාපෘතිය අවසන් වීමට වසර තුනක කාලයක් යන බව ද ඉන්දීය රජය පවසයි.
වෙන්දේසියේ දී ඇඳුමට ලංසු තබා ඇත්තේ රාජේෂ් ජුනේජා (57) නමැති කෝටිපති රෙදිපිළි ව්‍යාපාරිකයකි. මෝදිට දැඩි සේ ගරුකරණ පුද්ගලයක් වන ඔහු පවසන්නේ තමන් මේ ඇඳුම ලබාගැනීමෙන් පසු තම වෙළඳ සැලේ තබා ඇති මෝදිගේ පිළිරුව ඉදිරිපිට ඒ ඇඳුම ප්‍රදර්ශනය කරණ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඳුමට සල්ලි දෙන එක නෙමෙයි ප්‍රශ්නය. එම මුදල් මොකටද භාවිතා කරන්නේ කියන එකයි. මේකෙදි ගන්න කෙනාට තමන් කැමති දෙයක් ලැබෙනවා වගේම එම මුදල් යහපත් සමාජයට වැඩදායක දෙයකට යොදවනවා. ඉතින් ඇඳුම ගත් කෙනා ගංගාව පිරිසිදු කරන්න අනුග්‍රහයක් දක්වා තිබෙනවා. ඇසළට ඒක තේරුම් ගන්න බැහැ. (නි)
හොද අදහසක්.(හේ)
පරාක්‍රම, අපේ මෝදි ගේ ඇදුමත් වෙන්දේසියේ දැන්මනම්, සාටකෙට වැඩිය ගණනක් ගත්ත හැකි. (හේ)
ඇසල, තව කැල්ලක්, බලේ තියනකොට මොලේ නැහැ, මොලේ තියනකොට බලේ නැහැ. (අ)
අනේ මන්දා?(හේ)
ඊළඟ ඡන්දයෙන් මෝඩි පැරදුනොත් ලංකාවේ වගේම ඇඳුමත් අරගෙන උසාවි යන්න වෙයිද සල්ලි ලැබුණු ආකාරය පෙන්වන්න? (නි)
සල්ලි තියන එකාට මොලේ නැහැ මොලේ තියන එකාට සල්ලි නැහැ. නැත්නම් ඇදපු ඇදුමක් මේ තරම් ගානකට ගනීද. කොයි තරම් දුප්පත් මිනිස්සු ඉන්න රටක්ද ඉන්දියාව. (නදී)
අපේ රටේ තියන දේශපාලන සංස්කෘතිය ගැන අමුතුවෙන් කියන්න ඕනිද නෑනේ (දිල්)
නන්ද මමත් කියන්න ගියේ ඒ ටිකම තමා. ඒ අඩුව තියෙන්නේ මෙහෙ විතරමයි (බ)
අපේ රටේ සාටකයටත් ලංසුවක් තියමුද? (නි)
විවේචන වලින් බේරෙන්න ඉක්මනට වෙන්දේසි කරලා වගෙයි (නි)