ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ්ගෙන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකතන සාකච්ඡාවක් පැවැත්විණි.

එම සාකච්ඡාව පිළිබඳව දැනුම් දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත්තේ, යුක්රේනයේ ගැටුම් නිරාකරණය කිරීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ දී යුරෝපයේ, එක්සත් ජනපදයේ සහ යුක්රේනයේ නායකයන් අතර මෑත කාලීනව පැවති රැස්වීම් පිළිබඳ ජනාධිපති ස්ටබ් එහිදී මෝදිව දැනුවත් කළ බවය.

යුක්‍රේන යුද්ධය සාමකාමීව විසඳීමට සහ සාමය සහ ස්ථාවරත්වය කඩිනමින් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ඉන්දියාවේ නිරන්තර සහයෝගය ඉන්දීය අගමැතිවරයා එහිදී යළි අවධාරණය කර තිබෙන බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

එමෙන්ම නායකයන් දෙපළ ඉන්දීය-ෆින්ලන්ත ද්විපාර්ශ්වික සබඳතාවයේ ප්‍රගතිය සමාලෝචනය කළ අතර ක්වොන්ටම් තාක්ෂණය, 6 ජී, කෘතිම බුද්ධිය, සයිබර් ආරක්ෂාව සහ තිරසාරභාවය ඇතුළු නැගී එන ක්ෂේත්‍රවල හවුල්කාරිත්වය වැඩි දියුණු කිරීමට ඔවුන්ගේ කැපවීම යළිත් තහවුරු කළ බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ඉන්දීය-යුරෝපා සංගම් නිදහස් වෙළඳ ගිවිසුමක් ඉක්මනින් අවසන් කිරීම සඳහා ෆින්ලන්තයේ සහාය ජනාධිපති ස්ටබ් නැවත අවධාරණය කළ බව ද වාර්තා වේ. 2026 දී ඉන්දියාව විසින් සත්කාරකත්වය දරන AI බලපෑම් සමුළුවේ සාර්ථකත්වය සඳහා සහාය ද ඔහු තහවුරු කළ බව පැවැසෙයි.