
රුසියාව, යුක්රේනයට එල්ල කරන ප්‍රහාර වහා නැවැත්විය යුතුයැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී යෝජනාවලියක් සම්මත කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී, කිසිදු පැත්තක් නොගෙන ඡන්දය දීමෙන් වැළැකී සිටි රටවල් තුනෙන් එකක් වන්නේ ඉන්දියාවය.
එසේ වුවත්, රුසියන් ජනාධිපති පුටින් යුක්රේන ට පහර දීමට අණ කළ අවස්ථාවේ පටන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පුමුඛ රජය දිගින් දිගටම පුටින්ගෙන් ඉල්ලා ඇත්තේ සටන් නවත්වා සාම ක්‍රියාවලියක් අරඹන ලෙසය.
රුසියාව සහ යුක්රේනය අතරේත්, නේටෝ සංවිධානය අතරේත් මතුව තිබෙන මතභේද විසඳිය හැක්කේ අවංක සංවාදයකින් පමණක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි රුසියන් ජනාධිපති පුටින් ට දිගින් දිගටම පෙන්වා දී තිබේ.
අද (27) රුසියන් යුක්රේන යුද්ධයේ සිවුවැනි දිනය වන අතර, හටගත් ගැටුම්වලින් යුුක්රේන සිවිල් වැසියන් ඇතුළු198 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd