IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


මෝදි සිංගප්පූරු පාර්ලිමේන්තුවට

බෲනායි සංචාරය අවසන් කිරීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිංගප්පූරුවට පැමිණියේය. 

සිංගප්පූරු රජයෙන් මෝදිට උණුසුම් පිළිගැනීමක් හිමිවුණු අතර, මෝදි සිංගප්පූරු පාර්ලිමේන්තුවට ගොස් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු සිංගප්පූරු පාර්ලිමේන්තුවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

අග්‍රාමාත්‍ය මෝදි සමඟ ඉන්දීය රජයේ විශේෂ නියෝජිතයෝ පිරිසක් ද මෙම සිංගප්පූරු සංචාරයට එක් වී සිටිති.

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලොරන්ස් වොංග්ගෙන් මෝදිට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඉන්දියාවත් සිංගප්පූරුවත් අතර පවතින සබඳතා තවත් ශක්තිමත් කර ගැනීම මෝදිගේ මෙම සංචාරයේ අරමුණ වෙයි.

පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ අග්‍රාමාත්‍ය මෝදි පිළිගැනීමට නිල රාජ්‍ය උත්සවයක් ද සංවිධානය කර තිබුණි. පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන සමරු පුස්තකයේ සටහනක් ද තැබීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමතක කළේ නැත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

මෝදි සිංගප්පූරු පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 165 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 657 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1060 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site