
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සැලැසුම් කර ඇත. ඒ, අනිද්දා (8) දිනයේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි 8 සහ 9 දෙදින රුසියාවේ සංචාරය කිරීමට නියමිත අතර, මෝදි වෙනුවෙන් පෞද්ගලික භෝජන සංග්‍රහයක් පැවැත්වීමට රුසියන් ජනාධිපතිවරයා සූදානම් බව නිවේදනය කළේ ඉන්දීය විදේශ ලේකම් විනෙයි කවට්‍රාය.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි රුසියාව බලා යන්නේ, ඉන්දු රුසියා 22 වැනි සමුළුට සහභාගී වීමේ අරමුණින්ය. යළිත් වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු මෝදි රුසියන් ජනාධිපති පුටින් මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd