ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා උතුරු දිග හිමාලයානු කලාපයේ ලඩාක් ප්‍රදේශයේ සංචාරයක නිරත වූ බව බලධාරීහු පවසති.
අග්‍රාමාත්‍යවරයා ලඩාක්හි නිමූ ප්‍රදේශයේ කඳවුරකදී හමුදා නිලධාරීන් හමුවී තිබේ.
මෝදි සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් සහ යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ඩ් නාරාවන යන මහත්වරුන් ද සංචාරයට සහභාගී වී ඇත.
චීන ඉන්දියා දේශ සීමාවේ පිහිටි ලඩාක්හි පසුගිය දිනවල දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් පැවතුන අතර චීනය දැක්වූ ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැඩි පීඩනයකට ලක්ව සිටි බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
ජුනි 15 වන දින ගැල්වාන් නිමිනයේ ඉහළ ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකින් ඉන්දීය සොල්දාදුවන් 20 දෙනකු මියගොස් 76 දෙනකු පමණ තුවාල ලැබීය.
එහිදී චීනය තම භටයින් කොපමණ සංඛ්‍යාවක් තුවාල ලැබූයේ දැයි අනාවරණය කර නොතිබිණි.
න්‍යෂ්ටික අවිආයුධ වලින් සන්නද්ධ චීනය හා ඉන්දියාව දේශ සීමාව දිගේ භට පිරිස් එක් රැස්කර ඇති අතර ගැටුම් උත්සන්න වීම වැළැක්වීම සඳහා දෙපාර්ශවය අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1754
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෝදි ලඩාක් ප්‍රදේශයේ සංචාරයක