ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර‍ මෝදි සියළු ලෝ වැසියන් මවිතයට පත්කරමින් පකිස්ථානයේ හදිසි සංචාරයක නිරතවූයේය. ඒ පකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් මුණගැසීමේ අපේක්ෂාවෙනි. 2004 වර්ෂයෙන් පසු ඉන්දීය අගමැතිවරයකු පකිස්ථානයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි. ඇෆ්ගනිස්ථානයේ සංචාරයක් නිමවා ඉන්දියාවට එන අතරතුර දී ඔහු මෙලෙස පකිස්ථානයට ගොස් ඇත.

ඉන්දීය අගමැතිවරයා පකිස්ථානයට පැමිණි දිනයේ දී පකිස්ථාන අගමැතිවරයාගේ උපන්දිනය යෙදී තිබීම ද විශේෂත්වයකි. න්‍යෂ්ඨික ආයුධ සතුව ඇති ඉන්දියාවත් පකිස්ථානයත් අතර පසුගිය වසර කිහිපයේ ඉදිරිවාදිකම් වැඩි වුව ද මිත්‍ර‍ සම්බන්ධතා ද වැඩි වී තිබීම විශේෂත්වයකි. පසුගිය දා ප්‍ර‍ංශයේ පැවති ජාතත්‍යන්තර කාලගුණික සමුළුවේ දී ද මේ දෙදෙනා සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බොහෝ දේශපාලන විචාරකයන් පවසන්නේ මෙවන් මිත්‍ර‍ සම්බන්ධතා රටවල් දෙක අතර හොඳ හිත වර්ධනය කරමින් එදිරිවාදිකම් දුරැලීමට හේතුවක් වනු ඇති බවයි.