IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


මෝදි රජයට එරෙහිව නවදිල්ලියේ විරෝධතා

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල් වහා නිදහස් කරන්නැයි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මධ්‍යම රජයට බල කරමින්, නවදිල්ලි අගනුවර දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි.

විරෝධතාව පැවැත්වූයේ නවදිල්ලි අගනුවර රාම්ලීලා ක්‍රීඩාංගනයේදීය. දහසකට වැඩි විපක්ෂ ක්‍රියාකාරීන් සහ විපක්ෂ ආධාරකරුවන් ඊට සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

විරෝධතාව සංවිධානය කර තිබුණේ ඉන්දීය විපක්ෂ සන්ධානයයි. ඉන්දීය විපක්ෂ සන්ධානයට නායකත්වය දෙන්නේ රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂයයි. කෙජ්රිවාල් නියෝජනය කරන, දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින ‘ආම් ආද්මී’ පක්ෂය, ඉන්දීය විපක්ෂ සන්ධානයේ හවුල්කරුවෙකි. 

ලබන අප්‍රේල් 19 වැනිදා පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයට ‘ඉන්දියා’ යන නමින් හැඳින්වෙන විපක්ෂ සන්ධානය ඉදිරිපත් වෙන්නේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට අභියෝගයක් වීමේ අරමුනින්ය.

55 හැවිරිදි කෙර්ජිවාල් දූෂණ විරෝධියෙකි. ඔහු සහ ඔහුගේ ‘ආම් ආද්මී’ පක්ෂය දිල්ලි ප්‍රාන්තයේ බලය අල්ලාගෙන සිටින්නේ ද දූෂණ විරෝධී දේශපාලනඥයකු ලෙස ජනතා පැසැසුමට ලක් වූ බැවිනි. කෙසේ නමුත් ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය, කෙජ්රිවාල් අත්අඩංගුවට ගත්තේ, දූෂණ චෝදනා සම්බන්ධයෙනි. ඒ, පසුගිය මාර්තු 21 වැනිදාය. කෙජ්රිවාල් ඇප ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප වූ අතර ඔහු දිගටම පොලිස් අත්අඩංගුවේ රඳවා ගැනුණි.

එල්ල වන සියලු චෝදනා කෙජ්රිවාල් ප්‍රතික්ෂේප කර ඇත. තමන්ට විරුද්ධය දේශපාලන කුමන්ත්‍රණයක් සිදුවන බවටත් අග්‍රාමාත්‍ය මෝදිගේ ‘භාරතීය ජනතා පක්ෂ’ රජය ඒ පසුපස සිටින බවටත් දිල්ලි මහ ඇමැති චෝදනා කර ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

මෝදි රජයට එරෙහිව නවදිල්ලියේ විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1739 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1436 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 516 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site