
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට (2) යුරෝපා සංචාරයක් ආරම්භ කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජර්මනිය, ඩෙන්මාර්කය සහ ප්‍රංශයට යෑමට නියමිතය. එම සංචාරය අතරතුරේ අග්‍රාමාත්‍ය මෝදි තවත් විදෙස් නායකයන් 8 දෙනකු සහ ගෝලීය ව්‍යාපාරිකයන් 50 දෙනකු පමණ හමුවීමටත් නියමිත යැයි ද වාර්තා වේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යුරෝපා නායකයන් හමුවී ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීම සහ යුක්රේන රුසියන් අර්බුදය ගැන සාකච්ඡා කරනු ඇත. දෙවැනි වරටත් ප්‍රංශ ජනාධිපති ධුරයට පත් ඉමැනුවෙල් මැක්රොන් හමුවීමට පැමිණෙන පළමු විදෙස් නායකයා වනු ඇත්තේ ද ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd