
‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රසීලයේ රියෝ දි ජිනයිරෝ නුවරට පැමිණියේය. අග්‍රාමාත්‍ය මෝදි බ්‍රසීලයට පැමිණියේ අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ සංචාරය කිරීමෙන් අනතුරුවය.
නයිජීරියාවට ගිය මෝදිට නයිජීරියා ජනාධිපති බෝලා ටින්බුගෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ පැවැති සාකච්ඡා ඵලදායී වූ බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. පසුගිය දා නයිජීරියාව මහ වැසිවලින් සහ ජල ගැලීම්වලින් පීඩාවට පත් විය. එසේ පීඩාවට පත්වුණු වැසියන්ට මානුෂීය ආධාර ලබා දීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉදිරිපත් විය. ටොන් 20 ක මානුෂීය ආධාර ලබා දීමට ද මෝදි පොරොන්දු විය.
‘ජී20’ රාජ්‍ය නායක සමුළුව දෙදින පැවැත්වෙයි. ධුරයෙන් සමුගැනීමට සූදානම් ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් ඇතුළු ලෝක නායකයෝ ඊට සහභාගී වෙති. සමුළුවට සමගාමීව, මෝදි සහ බයිඩන් අතරේ ද මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ ද සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් අනාවරණය කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd