එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වීමට ඇමෙරිකාව බලා ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් පැවැත්විණි.
මෝදි, ඇමෙරිකන් ජනාධිපති ලෙස ජෝ බයිඩන් මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි. හමුව පැවැත් වූයේ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේදීය.
ආසියානු කලාපයටත්, ලෝකයටත් චීනයෙන් එල්ල වන බලපෑම, ඇෆ්ගන් අර්බුදය, 'කොවිඩ් 19' වසංගතය සහ එන්නත්කරණ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍ය මෝදි සහ බයිඩන් අතර සාකච්ඡා පැවැත්විණි.
මෝදි ධවල මන්දිරයට පැමිණියේ ඇමෙරිකා ජනාධිපති බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති 'කුඩ්ස්' රාජ්‍ය නායක සමුළුවට එක් වීමටය.
ජපන් අග්‍රාමාත්‍ය යොෂිහිදේ සූගා සහ ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් එම සමුළුවට සහභාගී වුහ. මෝදි ඔවුන් සමග ද ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
මෝදි සහ බයිඩන් අතර හමුව පැවැත්වීම සිදුවූයේ ඉන් අනතුරුවය.
'කුඩ්ස්' සමුළුවට සහභාගී වීමට පෙර, ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතරේ සාකච්ඡා පැවැත්විණි.
කමලා හැරිස් ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකන් කාන්තාවකි. ඇයට ඉන්දියාවට පැමිණෙන මෙන් අග්‍රාමාත්‍ය මෝදි විශේෂ ඇරැයුමක් ද කළේය.
(රොයිටර්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මෝදි බයිඩන් හමුවක්
kamal Saturday, 25 September 2021 11:05 AM
අපේ සර්ට බයිඩන් බයයි. ඒකයි මුණ නොගැසී කර අරින්නේ...