IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


මූදු පතුලේ අවන්හලක් මාලදිවයිනේ

මුහුදු පතුලේ අසිරිය විදිමින් ආහාරපාන රසවිදීමේ යෙදිය හැකි අවන්හලක් මාලදිවයිනේ පිහිටා ඇත.

‘‘අයිතා‘‘ නම් වන මේ අවන්හල මාලදිවයිනට අයත් රන්ගිලි දිවයින ආසන්න මුහුදේ මිටර 5 ක් පමණ ගැඹුරේ ඉදිකර ඇත.මුහුදු පතුළක ඉදිකර ඇති ලොව ප‍්‍රථම හා එකම අවන්හල වන්නේද ‘‘අයිතාය‘‘.

අයිතා සම්පූර්ණයෙන්ම පාහේ නිමකර ඇත්තේ විනිවිද පෙනෙන ඝන වීදුරු වලිනි.මෙනිසා අවන්හල ඇතුළේ සිටින්නෙකුට මුහුදු පතුලේ චමත්කාරය හොදින්ම දැක ගත හැකිය.

හිසට උඩින්,මුහුණ ළගින්, පිහිනා යන මෝරුන්,මඩුවන්,කැස්බෑවුන් දකිමින් ආහාර රසවිදීමේ යෙදීමේ නවමු අත්දැකීමක් ලැබීමට මෙහි පැමිණෙන්නෙකුට හැකියි.

ජලය අතරින් පෙරී එන හිරුඑළිය නිසා අවන්හල ඇතුළත පවතින්නේ හොදින් අලෝකයකි.

 



අදහස් (0)

මූදු පතුලේ අවන්හලක් මාලදිවයිනේ

කැළුම් Friday, 09 May 2014 07:39 PM

මේක හිල්ටන් එකේ අවන් හල නේද? අළුත් එකක් නොවේ.(නදී)

:       0       0

සම්පත් Sunday, 11 May 2014 02:15 AM

මගේ පෙම්වතිය සමඟ යන්න මේක නියමයි (නි)

:       0       0

කෝසල Saturday, 10 May 2014 06:20 AM

හරිම ලස්සනයි (නි)

:       0       0

චමිල Saturday, 10 May 2014 03:23 PM

මාලදිවයින දක්ෂයි , ලැබිල තියනේ දෙයින් තවත් ලස්සන් කරන්න ඒගොල්ලෝ දන්නවා , එකට ලංකවේ අය දන්නේ තියෙන දෙය විකුන්ගෙන කන්න විතරයි , අලිටික නැතිවුණා දවසට ලංකාවට සංචාරකයෝ එන එකක් නැහැ (අ)

:       0       0

සම්පත් Sunday, 11 May 2014 05:41 AM

චමිල කිවුවා වගේ ලංකාවේ අලි ටික නැතිවෙන දවස වැඩි ඈතක නෙමෙයි.මේ ළඟදි කෙනෙක් කියලා තිබුනා අලි මිනිස් ගැටුම නැති කරන්න කැළෑවල ඉන්න අලි ටික බලාගන්න පුළුවන් මිනිස්සුන්ට විකුණන්න ඕනෑ කියලා.නරියට කුකුල්ලු බාර දුන්නා වගෙයි! (නි)

:       0       0

දම් Friday, 09 May 2014 03:54 PM

අපිත් හදමු මුහුද යට නව නගරයක්. (ස)

:       0       0

සුවාරිස් Friday, 09 May 2014 10:32 PM

සුනාමියක් එහෙම අාවොත් පිස්සු හැදෙයි කිවුවාලු. (ස)

:       0       0

චතුර කුඩච්චි Friday, 09 May 2014 10:35 PM

මේක හැදුවේ ලංකාවේ අය. සම්පූර්ණම ලංකාවේ තාක්ෂණය. (ස)

:       0       0

ඉන්දික Friday, 09 May 2014 04:11 PM

හොඳයි. හැබැයි මාලු නම් කොටු කරලා තියෙන්නේ. (ස)

:       0       0

අසෝකා Saturday, 10 May 2014 05:22 PM

අනේ ඔයාලගේ ආශාව ඉක්මනින්ම ඉටුවේවි. ලෝකේ කොහේ හැදුවත් ඒවගේ දේවල් ලංකාවේ අනිවාර්යයෙන්ම හදන්න උත්සහ කරනවා කොපමණ මුදල් ගියත්. එත් දේශීය නිෂ්පාදන හැර.! (අ)

:       0       0

තබිත Friday, 09 May 2014 04:41 PM

එය සුන්දර අත්දැකීමක් වෙයි. මටත් ආසයි එහෙ ගිහින් කෑම ගන්න. (ස)

:       0       0

ගුණවර්ධන Friday, 09 May 2014 11:24 PM

මාළුන් දිහා බල බල මාළු කනවලු මේක ඇතුලේ . (ස)

:       0       0

දිසා Saturday, 10 May 2014 09:14 AM

ඔය වරායක් හදලා අසරණ ජනතාවගේ මුදල් නැති නාස්ති කරන්න පළමුව මේ වගේ හම්බන්තොට ඔය මුහුද යට ගල ළඟ අන්ඩර් වෝටර් හෝටලක් ගැහුවා නම් අද අඩුම ගානේ නමවත් තියෙයි (නි)

:       0       0

චානක Friday, 09 May 2014 05:13 PM

ඉතාම සුන්දරයි (නි)

:       0       0

ජනක Saturday, 10 May 2014 12:14 AM

ලංකාවට මේ වගේ දෙයක් හොදයි (දී)

:       0       0

චන්ඩි Saturday, 10 May 2014 10:19 AM

සාමාන්‍ය රෑ කෑම වේලක ගාස්තුව කියක් වෙනවද?(ස)

:       0       0

ලීනස් Saturday, 10 May 2014 10:27 AM

වැල්ලබඩ සිරිල් ද සිල්වා කියල කෙනෙක් ලියපු ඉවුර සහ වෙරළ කියන නවකථා පොතේ ලස්සන විස්තරයක් තියනව. (ස)

:       0       0

සඳරුවන් Saturday, 10 May 2014 10:48 AM

ෂෝක් (ස)

:       0       0

ජිලන්ත Saturday, 10 May 2014 07:38 PM

අනේ මෙහම ආසාවක් ..අනේ මෙහම තණ්හාවක් මිනිසුනේ ලැබේද මින් සැනසීමක් .? මේවා කිවූවේ කට කහනවාටද.?පිස්සු නැත්නම් ෂෝක්..... (ස)

:       0       0

අනිල් Friday, 09 May 2014 06:25 PM

මෙවන් ස්ථාන සංචාරක කර්මාන්තයේ දියුණුවට නිසැකවම හේතු වනවා. ඒ නිසා ශ්‍රී ලංකාවෙත් මේ වගේ ස්ථානයක් ඉදිවුණොත් සංචාරකයන්ගේ පැමිණීම තවත් වැඩි වේවි. (නි)

:       0       0

කමල් Friday, 09 May 2014 06:39 PM

මේක අයත් වෙන්නේ හිල්ටන් සමුහයට.ඉන්දික, මෙහි මාළුන් කොටුකර නැත. (නි)

:       0       0

මාලි Friday, 09 May 2014 06:52 PM

මුහුද යට ගොඩනැගුණ අවන්හල් ඇත්තේ මෙය පමණක්මද? (නි)

:       0       0

මහේෂ් Saturday, 10 May 2014 10:51 PM

මම වැඩකරන හොටෙල් එකෙත් මේ වගේ අවන්හලක් තියනවා. මාලදිවයිනේ දැනට මේ වගේ 3 ක් තියනවා. (ස)

:       0       0

තුසිත Sunday, 11 May 2014 04:34 PM

ඇත්තටම ලස්සන තැනක් ගිහින් එන්න වටින තැනක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 12 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1529 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1667 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site