මුහුදු පතුලේ අසිරිය විදිමින් ආහාරපාන රසවිදීමේ යෙදිය හැකි අවන්හලක් මාලදිවයිනේ පිහිටා ඇත.

‘‘අයිතා‘‘ නම් වන මේ අවන්හල මාලදිවයිනට අයත් රන්ගිලි දිවයින ආසන්න මුහුදේ මිටර 5 ක් පමණ ගැඹුරේ ඉදිකර ඇත.මුහුදු පතුළක ඉදිකර ඇති ලොව ප‍්‍රථම හා එකම අවන්හල වන්නේද ‘‘අයිතාය‘‘.

අයිතා සම්පූර්ණයෙන්ම පාහේ නිමකර ඇත්තේ විනිවිද පෙනෙන ඝන වීදුරු වලිනි.මෙනිසා අවන්හල ඇතුළේ සිටින්නෙකුට මුහුදු පතුලේ චමත්කාරය හොදින්ම දැක ගත හැකිය.

හිසට උඩින්,මුහුණ ළගින්, පිහිනා යන මෝරුන්,මඩුවන්,කැස්බෑවුන් දකිමින් ආහාර රසවිදීමේ යෙදීමේ නවමු අත්දැකීමක් ලැබීමට මෙහි පැමිණෙන්නෙකුට හැකියි.

ජලය අතරින් පෙරී එන හිරුඑළිය නිසා අවන්හල ඇතුළත පවතින්නේ හොදින් අලෝකයකි.