ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැයි මාසයේදී නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත් එරට සිවිල් සේවයේ සිටින ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනකුම ඔවුන්ගේ ධුරවලින් ඉවත්වනු ඇතැයි පරිපාලනයට සම්බන්ධ ආරංචි මාර්ග කිහිපයක්ම සඳහන් කරයි. 

ආසන්න වශයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කාර්යාලයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අට දෙනකු පමණ වෙනත් දෙපාර්තමේන්තුවලට මාරුවීමක් හෝ කලින් විශ්‍රාම යෑම සඳහා ඉල්ලීම් කර ඇතැයි මෝදි පරිපාලනයට සම්බන්ධ නිලධාරීන් තිදෙනෙක් කීහ.

එම නිලධාරීන් තිදෙනා අග්‍රාමාත්‍ය කාර්යාලය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට සම්බන්ධ අතර ඔවුහු තිදෙනා මෙම කරුණ සම්බන්ධයෙන් ඇති සංවේදීතාව නිසා නම් ඔවුන්ගේ නම් සඳහන් නොකළහ. 

ප්‍රාන්තයක ප්‍රධාන නගරයක හෝ වෙනත් රැකියාවට හෝ මාරුවීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින එම නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනෙක් කීය.

අමාත්‍යාංශය කිහිපයකම නිලධාරීන් වෙනත් රැකියාවකට හෝ වෙනත් අංශයකට හෝ මාරු වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ඔවුහු කීහ. 

ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයන් 25 දෙනෙක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරති. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යටතේ එය ආණ්ඩුවේ බලවත්ම දෙපාර්තමේන්තුව බවට පත්ව ඇත. 

රොයිටර් ඇසුරිනි 

055