
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි. ඒ, ඇමෙරිකාව ඉන්දියාවට පනවා ඇති තීරු බදු ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙනි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දියාවට සියයට 50 ක තීරුබදු පැනවීමක් කර තිබේ. ඒ, රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකාව රුසියාවට සම්බාධක පනවා තිබියදී, ඉන්දියාව රුසියාව සමඟ තෙල් ගනුදෙනු කිරීමට විරෝධයක් වශයෙනි.
තීරු බදුවලට අමතරව, දෙරට අතරේ, වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන්, බලශක්ති සහ තාක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් ද රාජය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd